ආයෙත් ප්‍රශ්ණයක් රනිල්ට නඩු දානවා - නීතිපති දැනුම් දෙයි

Report

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබන විමර්ශනය අවසන් අදියරේ පසුවන බැවින් ඉහල අධිකරණයක නඩු පවරන බව නීතිපතිවරයා කොටුව මහේස්ත්‍රාත් නෙත්ති කුමාර හමුවේ අද(19) දන්වා ඇත. නීතිපති වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් හිටපු ජනාධිපතිවරයා එරෙහිව සිදු කරනු ලබන විමර්ශන කටයුතු අවසාන අදියරේ පසුවන බවින් ඉහල අධිකරණයක නඩු පැවරීමට කටයුතු කරන බව සඳහන් කරමින් ඒ බව දන්වා සිටියා.

දයාසිරි ජයසේකර ලෝක අමාරුවක - විමර්ශන ඇරඹේ

දයාසිරි ජයසේකර ලෝක අමාරුවක - විමර්ශන ඇරඹේ

ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ ධුර කාලයේදී පෞද්ගලික සංචාරයක් ලෙස සිය බිරිය වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහගේ උපාධි ප්‍රධානෝත්සවයක් සඳහා ලන්ඩනය වෙත ගොස් රුපියල් කෝටි එක හමාරකට අධික පාඩුවක් රජයට සිදුකළ බව කියන සිද්ධියට අදාලව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම නඩුව සැකකරුට පවරා තිබේ.

මෙම නඩුවේ විමර්ශන කටයුතු සඳහා අවශ්‍ය පුද්ගලයෙකු බව කියන හිටපු ජනාධිපතිගේ ලේකම්වරයා වන සමන් ඒකනායකගේ විදේශ ගමන් තහනම ලිහිල් කරන ලෙස නීතිඥවරුන් ඉල්ලීමක් කර ඇත.

තමුසෙලා කලිසමක්ද ඇදන් ඉන්නේ ? මාව ගිනි තිබ්බත් අළු ටික නැගිටලා කියයි ප්‍රභාකරන් මගේ දෙයියා

තමුසෙලා කලිසමක්ද ඇදන් ඉන්නේ ? මාව ගිනි තිබ්බත් අළු ටික නැගිටලා කියයි ප්‍රභාකරන් මගේ දෙයියා

එම ඉල්ලීම සම්බන්ධයෙන් අද (19) අධිකරණයේදී කරුණු දැක්වීම සිදු වූ අතර එහිදී එම ලේකම්වරයා වෙනුවෙන් අධිකරණයෙන් ඉල්ලා තිබූ විදේශ ගමන් තහනම ලිහිල් කිරීම සම්බන්ධයෙන් ඉල්ලීම ඉල්ලා අස් කරගන්නා බව ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස අධිකරණයට දන්වා ඇත. ඒ අනුව මහේස්ත්‍රාත්වරයා විසින් විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට කරන ලද ඉල්ලීම නිෂ්ප්‍රභා කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥවරයා සඳහන් කර සිටියේ එම ලේකම්වරයාගේ දියණියගේ දරු ප්‍රසූතියට යාම සඳහා විදෙස් ගමන් තහනම ලිහිල් කරන ලෙස ඉල්ලා සිටිය බවයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කර සිටියේ, එම ලේකම්වරයාට විදේශ ගමන් තහනම ලිහිල් කිරීම සම්බන්ධයෙන් විරෝධතාවයක් දක්වන ලෙසයි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ සොලිසිටර් ජනරල් දිලිප පීරිස් මෙලෙස සඳහන් කළා.

" ස්වාමිනි, මෙම සිද්ධියට අදාලව විමර්ශන කටයුතු අවසාන අදියරේ පසුවන බැවින් ලබන මාසය වන විට විමර්ශන අවසන් කළ හැකි බව දක්නට ලැබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ 50 අධික ප්‍රමාණයක් මේ වනවිට ලබා ගෙන තිබෙනවා.විමර්ශන අවසන් අදියරේ. ලබන මාසය වනවිට විමර්ශන අවසන්. ඉහල අධිකරණයක නඩු පැවරීමට පියවර ගන්නවා. විදේශ ගමන් තහනම් ඉවත් කරන ලෙස ඉල්ලා සිටින හිටපු ජනාධිපති ලේකම් වරයා ප්‍රධාන මූල්‍ය පාලකවරයා. සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ ප්‍රධානියා ප්‍රශ්නයක් ලිපිය විමර්ශනය කිරීම පමණයි සිදු කිරීමට තිබෙන්නේ. අධිකරණ නියෝග ප්‍රකාරව විමර්ශන කරමින් පවතිනවා. එම ලේඛනය ව්‍යාජ ලේඛනයක් බවයි පැමිණිල්ලේ ස්ථාවරය. එම නිසා ලේඛනය සම්බන්ධයෙන් සාධාරණ විමර්ශනයක් සිදු කරනවා." යනුවෙනි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙලෙස සඳහන් කළා. "අද දින පැමිණිල්ල කැඳවන්නේ නිශ්චිත කාරණයකට. නඩුව කැඳවන දින විමර්ශන ප්‍රගතිය දැනුම් දෙන්න. ඉල්ලීම අස්කර ගැනීමට කරන ඉල්ලීම ට අනුව ඉල්ලීම නිෂ්ප්‍රභා කරනවා" යනුවෙන් සිය නියෝගය ප්‍රකාශයට පත් කළා.