මෙරට ණය අර්බුදය විසදන්න ජනපති රනිල්ගෙන් විශේශ වැඩ පිළිවෙලක්.

Ranil Wickremesinghe Sri Lanka
By Sithumi Jun 22, 2023 05:29 PM GMT
Sithumi

Sithumi

Report

ශ්‍රී ලංකාවේ ණය අර්බුදය විසඳීම සඳහා සැප්තැම්බර් මාසය වනවිට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අවසන් කිරීමට සැලසුම්කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. 

  ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ලන්ඩන් හිදී පැවැති ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී සංගමයේ 40 වන සංවත්සර උත්සව අවස්ථාව අතරතුරදි. 

Sri I ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී සංගමයේ (IDU) 40 වන සංවත්සරයට සමගාමීව ජුනි මස 19 සහ 20 යන දෙදින තුළ ලන්ඩන් නුවර පැවති එම සංගමයේ වාර්ෂික සංසදයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්වුණු අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ කැනඩාවේ හිටපු අගමැති ස්ටීවන් හාපර් මහතා සමඟ සාකච්ඡාවකට එක්වෙමින්.