අද ජනපති විශේෂ පිරිසක් ගැන කළ ප්‍රකාශය

Ranil Wickremesinghe Wickremesinghe Ranil
By Sithumi Dec 03, 2022 04:38 PM GMT
Sithumi

Sithumi

Report

විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ගේ සුබසාධනය වෙනුවෙන් නව වැඩපිළිවෙළක් සකස් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (03) ප්‍රකාශ කර තිබෙනවා.

ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ජාත්‍යන්තර දිනය වෙනුවෙන් අරලියගහ මන්දිරයේ අද පෙරවරුවේ පැවති ජාතික උත්සවයට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ. ජනාධිපති පළකළ අදහස් පහතින්, මම මේ අමාත්‍යාංශය භාරගත්තයින් පස්සේ මට පෙනුනේ අංශ ගණනාවක උවමනා සම්පූර්ණ සේවාවන් සිදු වෙලා නෑ.

ඒකට ප්‍රධාන හේතුව මුදල් නැතිකම. දෙවනුව අපි අවධානය සම්පූර්ණයෙන්ම යොමු කරලත් නෑ. අපි ළමා ආරක්ෂක අංශය දිහා බලපුවාම ඒකේ අඩුපාඩුකම් තියනවා ළදරුවන් ගැන අඩුපාඩුකම් තියනවා. විශේෂ අවශ්‍යතාවය ගැන තියන අයගේ අඩුපාඩුකම් තියනවා. කාන්තා ප්‍රධාන පවුල් ගැන අඩුපාඩුකම් තියනවා.

අපි මේ විෂයන් ගැන අපේ අවධානය සම්පූර්ණයෙන් යොමු කරලා නෑ. අපි බලාපොරොත්තු වුණේ සමෘද්ධි ව්‍යාපාරය තුළින් මේ සියල්ලම සිදු කරන්න පුළුවන් වෙයි කියලා. ඇත්ත වශයෙන්ම අපේ අද්දැකීම් අනුව සමෘද්ධි ව්‍යාපාරය ආර්ථික සවිබල ගැන්වීමකට සුදුසුයි. අඩු ආදායම් ඉන්න අයට උදව් කරන්න ඒ වගේම අලුත් ආදායම් මාර්ග සොයා ගන්න.

ඒත් ඒ වැඩසටහනෙන්ම අනිත් සමාජීය ක්ෂේත්‍රවලට සෞඛ්‍ය ක්ෂේත්‍රවලට ඒ අවදානය යොමු කරන එක අමාරුයි. ඉතිං මං අපි ආණ්ඩුව හැටියට තීරණය කරලා තියෙන්නේ මේ වැඩකටයුත්ත බෙදන්න. විශේෂයෙන්ම අද අපිට මුදල් අඩු අවස්ථාවක්. ආර්ථිකයෙන් විශාල ප්‍රශ්න තියන අවස්ථාවක්.

ඒත් මෙතනින් ගොඩ එනකොට අපිට යළිත් ආර්ථිකයත් ආණ්ඩුවේ වියදමුත් ඒ වගේම අපිට ප්‍රතිසංස්කරණය කරන්න පුළුවන්. ප්‍රතිව්‍යුහගත කරන්න පුළුවන්.

ඒ අවස්ථාවේ ආර්ථික සවිබල ගැන්වීමට එක මුදලකු එක වැඩසටහනකුත් අනිත් මේ සියල්ල වෙනුවෙන් වෙන වෙනම ප්‍රධාන වැඩසටහන් දීලා මේක සම්පූර්ණයෙන්ම එකතු කරලා තමයි බලන්න ඕන සමාජ අංශයට කරන වියදම් හැටියට. මෙම අවස්ථාව සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවල් මහතා ඇතුළු පිරිසක් සහභාගි විය.