රනිල් වික්‍රමසිංහට ආයෙත් නඩුවක් - හෙට විත්ති කූඩුවට

Report

හෙට (29) හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පොදු දේපළ අයථා ලෙස පරිහරණය කිරීමේ පනතට අදාළ නඩුව සම්බන්ධයෙන් පවතින පැමිණිල්ල කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග කිරීමට නියමිතව ඇත.

මෙම නඩුවට අදාළ චෝදනාව වී ඇත්තේ ඇත්තේ එංගලන්තයේ ‘වුල් හැම්ප්ටන්’ පෞද්ගලික විශ්ව විද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයක් සඳහා පුද්ගලික සංචාරයක් වෙනුවෙන් දින එකහමාරක කාලයක් ඇතුළත රජයේ මුදල් රුපියල් කෝටි 1.5 කට අධික ප්‍රමාණයක් නාස්ති කරමින් රාජ්‍යයට පාඩුවක් සිදු කිරීමය.

ෆොන්සේකාට හා රන්ජන්ට රජයේ ලොකු තනතුරු ?

ෆොන්සේකාට හා රන්ජන්ට රජයේ ලොකු තනතුරු ?

රනිල් වික්‍රමසිංහ මහතා අධිකරණයට ඉදිරිපත් කළ දිනයේ රාත්‍රී කාලයේදී අධිකරණය තුළ සිදුවූ කරුණු වීඩියෝ ගත කර ඒවා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළ පුද්ගලයන් වහාම හඳුනාගෙන අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස රහස් පොලිසියට නියෝග කර ඇත.

එමෙන්ම එදින අධිකරණයට පිවිසෙන මාර්ග අවහිර වන පරිදි ජනතාව එක්රැස් කළ පුද්ගලයන් කවුරුන්ද යන්න සොයා බලා ඔවුන් ද වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට හිටපු මහේස්ත්‍රාත්වරිය විසින් රහස් පොලිසිය වෙත උපදෙස් ලබා දී තිබේ.

මට පද්මේ හම්බුණේ ඩුබායි ගිහින් - පද්මේ එක්ක සම්බන්ධෙ හෙළි කරන ශ්‍රීමාලි

මට පද්මේ හම්බුණේ ඩුබායි ගිහින් - පද්මේ එක්ක සම්බන්ධෙ හෙළි කරන ශ්‍රීමාලි

මහේස්ත්‍රාත්වරිය රහස් පොලිසියට අණ කර ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතා අධිකරණයට කැඳවූ දින රාත්‍රියේ අධිකරණ පරිශ්‍රය තුළ සිදුවූ දෑ වීඩියෝ කොට සමාජ මාධ්‍යවල පළ කළ පුද්ගලයන් සොයා ඔවුන්ව ද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.