තවත් ඉහල දැමීමක් ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්.

Ranil Wickremesinghe Government Of Sri Lanka
By Wayomi Jul 31, 2024 10:33 AM GMT
Wayomi

Wayomi

Report

බාලදක්ෂ ව්‍යාපාරය, ශිෂ්‍ය භට බලකාය සහ යොවුන් සේනාංකය වැනි තරුණ සංවිධාන සෑම අතින්ම ශක්තිමත් කර රටේ ඉදිරි ගමන වෙනුවෙන් තාරුණ්‍ය පුළුල් ලෙස දායක කර ගැනීම තම අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසුවා.

රට පුරා ඉන්ධන පිරවුම්හල් රැසක හදිසියේම ඉන්ධන හිඟයක්.? - මිල සංශෝධනය ගැනත් අලුත්ම ආරංචියක්.

රට පුරා ඉන්ධන පිරවුම්හල් රැසක හදිසියේම ඉන්ධන හිඟයක්.? - මිල සංශෝධනය ගැනත් අලුත්ම ආරංචියක්.


ඒ වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිපාදන රජය දැනටමත් වෙන් කර තිබෙන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඉදිරියේ දී ද ඊට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරන බව කියා සිටියා.

ජනපති රනිල්ට සුබ පණිවිඩයක් ලබා දෙමින් පළාත් සභා මන්ත්‍රීවරුන් 117 ක් කරපු දේ.

ජනපති රනිල්ට සුබ පණිවිඩයක් ලබා දෙමින් පළාත් සභා මන්ත්‍රීවරුන් 117 ක් කරපු දේ.


ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ශ්‍රී ලංකා බාල දක්ෂිකා සංගමයේ සාමාජිකාවන්ට ජනාධිපති පදක්කම් පිරිනැමීම වෙනුවෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ අද (31) පැවති උත්සවයට එක් වෙමින්.

75,000ක් වූ බාලදක්ෂ ව්‍යාපාරයේ සාමාජිකත්වය 150,000 දක්වා ඉහළ නැංවීමට අවශ්‍ය සහාය ලබා දෙන බවද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

බාලදක්ෂ ව්‍යාපාරය, ශිෂ්‍ය භට බලකාය සහ යොවුන් සේනාංක වැනි තරුණ සංවිධාන හරහා මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙළටද පුළුල් දායකත්වයක් ලබාගත හැකි බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.

රනිල්ට සහාය දෙන සියළු දෙනාටම සිදු වන දේ මෙන්න. - පොහොට්ටුවෙන් දැඩි තීරණයක්.

රනිල්ට සහාය දෙන සියළු දෙනාටම සිදු වන දේ මෙන්න. - පොහොට්ටුවෙන් දැඩි තීරණයක්.


ReeCha