රනිල්ට සහාය දෙන සියළු දෙනාටම සිදු වන දේ මෙන්න. - පොහොට්ටුවෙන් දැඩි තීරණයක්.
ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පක්ෂයේ තීරණයට එරෙහිව යන සියලු මන්ත්‍රීවරුන් දැරූ වගකීම්වලින් ඉවත් කිරීමට සැලසුම් කර බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.
මේ වනවිටත් ඒ සම්බන්ධයෙන් මූලික කටයුතු සැලසුම් කර ඇති අතර ආසන සංවිධායක ධුර මෙන්ම පක්ෂයේ නිලතලවලින් ඔවුන් ඉවත් කිරීමට නියමිතයි.
අදාළ මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාකලාපය පිළිබඳව සමීපව අධ්‍යයනය කිරීමෙන් පසු මෙම තීරණයට එළඹ ඇති අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පෙරේදා (29) තීරණය කළේ පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයෙකු නම් කිරීමටයි.
කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 92ක් ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය පළකරන බව දැනුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය ඊයේ (30) පස්වරුවේ නිවේදනය කර තිබුනා.