පක්ෂවල විනය කඩ කරාට අපිට කරන්න දෙයක් නෑ - මැතිවරණ කොමසාරිස් ජෙනරාල් කියයි

Report

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව අද (30) දිනයේ ද තවත් පළාත් පාලන ආයත කිහිපයක බලය පිහිටුවීම සිදුකර ඇති බව වාර්තා වේ.

මෙසේ බලය පිහිටුවා ඇත්තේ මතුගම ප්‍රාදේශීය සභාවේ සහ නාගොඩ ප්‍රාදේශීය සභාවේයි.

ජපුරෙන් තීරණයක්, ආයේ බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා නෑ

ජපුරෙන් තීරණයක්, ආයේ බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා නෑ

ඒ අනුව මතුගම ප්‍රාදේශීය සභාවේ බලය සමගි ජනබලවේගයටත් නාගොඩ ප්‍රාදේශීය සභාවේ බලය ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ මඟිනුත් පිහිටුවා ඇති බව සඳහන්.

මේ අතර වලපනේ ප්‍රාදේශීය සභාවේ බලය ජාතික ජනබල වේගය මඟින් පිහිටුවා ඇති අතර ඉලංකෙයි තමිල් අරසු පක්ෂය මඟින් ඩෙල්ෆ් ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

මහාචාර්ය මාලනීයත් යන්නම ගිහින්

මහාචාර්ය මාලනීයත් යන්නම ගිහින්

එමෙන්ම මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ප්‍රකාශ කර ඇත්තේ පළාත් පාලන ආයතනවල පක්ෂ මාරු කරන්නන් හෝ පක්ෂ විනය කඩ කරන්නන් පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවට කිසිදු පියවරක් ගත නොහැකි බවයි.

ඔහු මේ බව කියා සිටියේ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ තිබූ මැතිවරණ පනත් සංශෝධනය වෙනුවෙන් මහජන අදහස් ලබා ගැනීමේ වැඩසටහනින් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්.  

හිටපු ඇමති නිමල් සිරිපාලගේ නිවසේ සේවිකාවක් ජීවිතක්ෂයට

හිටපු ඇමති නිමල් සිරිපාලගේ නිවසේ සේවිකාවක් ජීවිතක්ෂයට

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කරන දිනය මෙන්න

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කරන දිනය මෙන්න