පාර්ලිමේන්තුවේ විශේෂ සභා වාරය ඇරඹෙයි [LIVE] [VIDEO]
Parliament of Sri Lanka
Anura Kumara Dissanayaka
Harini Amarasuriya
Sinhala news
By Hashini
පාර්ලිමේන්තු විශේෂ සභාවාරය මේ වන විට ආරම්භ වී තිබෙනවා.
ඒ නියෝජ්‍ය කතානායකවරයාගේ ප්‍රධානත්වයෙනි. පාර්ලිමේන්තුව රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව පසුගියදා තීරණය කළේ විශේෂ පාර්ලිමේන්තු රැස්වීමේ දිනයක් ලෙස අද පාර්ලිමේන්තුව රැස්වීමටයි.
පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණදීර මහත්මිය පැවසුවේ 2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ 11 වැනි වගන්තිය ප්‍රකාරව එක් එක් වර්ෂයේ ජූනි 30 හෝ එදිනට පෙර ආණ්ඩුව විසින් මූල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශයක් නිවේදනය කිරීමේ අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම සඳහා පාර්ලිමේන්තුව මෙලෙස රැස්වීමට නියමිත බවය.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 16 ප්‍රකාරව අග්‍රාමාත්‍යවරිය විසින් කරනු ලබන ඉල්ලීමක් මත කථානායකවරයා විසින් මෙලෙස පාර්ලිමේන්තුව කැඳවා ඇත.
පාර්ලිමේන්තු සජීවී විකාශය පහතින්,
