කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසේ පළවෙනි වතාවට ඒකක 18,000 සීමාව පන්නයි

Report

ඉතිහාසයේ ප්‍රථම වතාවට කොළඹ කොටස් වෙළෙඳපොළ සෑම කොටස් මිල දර්ශකය අද (30) දින ඒකක 18,000 සීමාව ඉක්මවීමට සමත් වූ බව වාර්තා වේ.

මෙහිදී දිනයේ ගණුදෙනු අවසානයේ දී සෑම කොටස් මිල දර්ශකය ඒකක 153.98 කින් ඉහළ ගොස් ඒකක 18,014.86ක් ලෙසින් දැක්වුණු බව සඳහන්.

ජපුරෙන් තීරණයක්, ආයේ බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා නෑ

ජපුරෙන් තීරණයක්, ආයේ බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා නෑ

ඒ අනුව සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනයට ඉහළ දායකත්වයක් ලබා දීමට සෙන්ට්‍රල් ෆයිනෑන්ස් කම්පැනි, ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්, කොමර්ෂල් බැංකුව, සම්පත් බැංකුව සහ බුකිට් ඩාරා යන සමාගම්වල කොටස් මිල ඉහළ යාම හේතු විය.

ඒ අනුව අද දින සමාගම් 126ක කොටස් මිල ගණන් පෙර දිනයට සාපේක්ෂව වර්ධනය වී තිබූ බව පවසයි.

හිටපු ඇමති නිමල් සිරිපාලගේ නිවසේ සේවිකාවක් ජීවිතක්ෂයට

හිටපු ඇමති නිමල් සිරිපාලගේ නිවසේ සේවිකාවක් ජීවිතක්ෂයට

එමෙන්ම S&P SL20 මිල දර්ශකය ඒකක 62.74 කින් ඉහළ ගොස් දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 5,345.80 ක් ලෙසින් සටහන්ව තිබෙනවා.

මේ අනුව අද දින ගණුදෙනු පිරිවැටුම දැක්වුනේ රු. බිලියන 6.38ක් ලෙස බව වාර්තා වේ.

මහාචාර්ය මාලනීයත් යන්නම ගිහින්

මහාචාර්ය මාලනීයත් යන්නම ගිහින්

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කරන දිනය මෙන්න

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කරන දිනය මෙන්න