මහා සංඝ රත්නයෙන් තාත්තා ඉල්ලුවා කියන ඉල්ලීම තනිකර බොරුවක්, නාමල්ගෙන් සැර කතාවක්

Mahinda Rajapaksa Namal Rajapaksa Social Media Sinhala news Breaking News
By Kaushi Jun 30, 2025 01:09 PM GMT
Kaushi

Kaushi

Report

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් තම පවුලේ සාමාජිකයින් අත්අඩංගුවට නොගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නැයි මහා සංඝ රත්නයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අයැද සිටින බවට පළවන පුවත් ප්‍රතික්ෂේප කරන බව පවසා ඇත.

ඔහු මේ බව සඳහන් කළේ එක්ස් පණිවුඩයක් නිකුත් කරමින්. එසේම නාමල් රාජපක්ෂ මෙය ආගමික නායකයින් ද දේශපාලන මඩ ගැසීම්වලට ඇද දැමීමට දරන උත්සහයක් බව කියා ඇත.

හිටපු ඇමති නිමල් සිරිපාලගේ නිවසේ සේවිකාවක් ජීවිතක්ෂයට

හිටපු ඇමති නිමල් සිරිපාලගේ නිවසේ සේවිකාවක් ජීවිතක්ෂයට

අඳාළ එක්ස් පණිවිඩයේ ඔහු දක්වා ඇත්තේ තම පවුලේ සාමාජිකයන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහානායක හිමිවරුන්ගේ සහාය පතන බවට අසත්‍ය ප්‍රකාශ පතුරුවා හැරීමට තරම් ජාතික ජන බලවේග ආණ්ඩුව පහතට වැටී ඇති බවයි.

එසේම මෙය ගරුතර මහා සංඝ රත්නයට කරන බරපතළ අගෞරවයක් බව ද ඔහු දක්වයි. තවද තම පවුලේ සාමාජිකයන් මෙයට ව්‍යාජ ලෙස පටලවා ගැනීමට ආණ්ඩුව පොලිසිය සහ අධිකරණය පවා දේශපාලනීකරණය කිරීමට උත්සාහ කරන අයුරු මෙහිදී පැහැදිලි වන බව ඔහු පවසයි.

මහාචාර්ය මාලනීයත් යන්නම ගිහින්

මහාචාර්ය මාලනීයත් යන්නම ගිහින්

තමා ඇතුළු පවුලේ සාමාජිකයින් සැම විටම දේශපාලනික ලෙස පරීක්ෂණවලට බියෙන් තොරව මුහුණ දී ඇති බවත් ඒ වෙනුවෙන් විශේෂ සැලකිල්ලක් හෝ අනුග්‍රහයක් අපේක්ෂා නොකරන බවත් ඔහු කියයි.

මේ අතර මන්ත්‍රිවරයා තැබූ එක්ස් සටහනේ තමා රටේ අධිකරණ පද්ධතිය කෙරෙහි මුළුමනින්ම විශ්වාසය තබා ඇති බවත් සඳහන් කර ඇත.

එනිසා ව්‍යාජ ප්‍රචාරණ, චරිත ඝාතන සහ නීතිය දේශපාලනීකරණය කිරීම යන උපක්‍රමවලින් ජාතික ජන බලවේගය ඔවුන්ගේ නොහැකියාවන් සහ අසාර්ථක බව වසා ගැනීමට උත්සහ දරන්නේ ඔවුන් මංමුලාවී සිටීම නිසා බවද එම සටහනේ දක්වා ඇත.

ජපුරෙන් තීරණයක්, ආයේ බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා නෑ

ජපුරෙන් තීරණයක්, ආයේ බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා නෑ

ReeCha