කතරගම ගිහින් එන ටිකට බිහිසුණු අනතුරක්, බස් රථය දෙකඩ වෙයි [PHOTOS]

Sri Lanka Accident Srilanka Bus Sinhala news Breaking News
By Kaushi Jun 30, 2025 02:49 PM GMT
Kaushi

Kaushi

Report

කතරගම සිට ආරයම්පති තෙක් ගමන්ගත් බස් රථයක් වන්දනාකරුවන් බස්සවා ආපසු පැමිණෙමින් තිබියදී කිරාන්කුලම් හිදී අනතුරකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඒ අද උදෑසනදීයි.

මෙසේ අඳාළ බස් රථය අනතුරට පත්ව ඇත්තේ මඩකලපුවේ කාත්තන්කුඩි පොලිස් වසමට අයත් කිරාන්කුලම් ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් බව සඳහන්.

ජපුරෙන් තීරණයක්, ආයේ බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා නෑ

ජපුරෙන් තීරණයක්, ආයේ බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා නෑ

ඒ අනුව කතරගම වන්දනා ගමන අවසන් කළ වන්දනාකරුවන් ආරයම්පති හි බස්සවා ආපසු කල්මුනේ ප්‍රධාන මාර්ගයේ තේත්තාතීවු දෙසට යමින් තිබියදී බසය කිරාන්කුලම්හි සරස්වතී විද්‍යාලය ආසන්නයේදී මාර්ගයෙන් ඉවතට පැන පාර අයිනේ ගසක ගැටීමෙන් මෙම බරපතළ අනතුර සිදුව තිබෙනවා.

එමෙන්ම අනතුර වන අවස්ථාවේදී බස් රථයේ රියදුරු සහ සහයකයන් දෙදෙනෙක් එහි සිට ඇත. ඒ අනුව තුවාල ලැබූ ඔවුන් රෝහල් ගත කර ඇති බව වාර්තා වේ.

සුපිරි නිළිය හදිස්සියෙ මැරුණේ මේ නිසා, හේතුව ඇහුවොත් පුදුම වෙයි..වයසට යනවා කියලා මෙහෙම කරලා හරියනවද?

සුපිරි නිළිය හදිස්සියෙ මැරුණේ මේ නිසා, හේතුව ඇහුවොත් පුදුම වෙයි..වයසට යනවා කියලා මෙහෙම කරලා හරියනවද?

එසේම අනතුරින් තුවාල ලැබූ පිරිස පාණ්ඩිරුප්පු හි කළුතාවෙල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව සඳහන්.

මේ අතර අනතුරින් බස් රථයට දැඩි හානි සිදුව ඇති අතර මාර්ගයට ගසක් ද කඩා වැටී තිබෙනවා.

කෙසේ වෙතත් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කාත්තාන්කුඩි රථවාහන පොලිසිය සිදු කරයි.

මහා සංඝ රත්නයෙන් තාත්තා ඉල්ලුවා කියන ඉල්ලීම තනිකර බොරුවක්, නාමල්ගෙන් සැර කතාවක්

මහා සංඝ රත්නයෙන් තාත්තා ඉල්ලුවා කියන ඉල්ලීම තනිකර බොරුවක්, නාමල්ගෙන් සැර කතාවක්

GalleryGalleryGalleryGallery
ReeCha