ජනපතිට පොහොට්ටුවෙන් අභියෝගයක්.. සාගර ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..

Election Commission of Sri Lanka Ranil Wickremesinghe Sri Lanka Podujana Peramuna Sagara Kariyawasam
By Aruna Jul 03, 2024 03:49 AM GMT
Aruna

Aruna

Report

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වී පොදුජන පෙරමුණේ පක්ෂ සාමාජිකත්වය ලබා ගන්නේ නම් ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ලබා දීම සම්බන්ධයෙන් සලකා බැලිය හැකි බව එම පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් මන්ත්‍රිවරයා පවසනවා.

පොදුජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.

ජාපානයෙන් ලංකාවට සතුටුදායක ආරංචියක්..

ජාපානයෙන් ලංකාවට සතුටුදායක ආරංචියක්..


"ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් විශේෂයෙන්ම පුද්ගලයෙක් සම්බන්ධයෙන් අපි ඉදිරිපත් කළේ නෑ. ඕන අවස්ථාවේ දී නිසි පුද්ගලයා ඉදිරිපත් කරනවා.

අපේ පක්ෂයෙන් පොහොට්ටුව ලකුණ යටතේ, අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා."

ප්‍රශ්නය - ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තයා පොදු අපේක්ෂකයා වෙන්නේ නැද්ද?

"ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා පොහොට්ටුව ලකුණ යටතේ.

පියුමි හංසමාලිගෙ ආලේපන ගාපු අයට රතු එළියක්..එකවරම කරන්න යනදේ මෙන්න..

පියුමි හංසමාලිගෙ ආලේපන ගාපු අයට රතු එළියක්..එකවරම කරන්න යනදේ මෙන්න..


එතුමාටත් පුළුවන් එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වෙලා පොහොට්ටු සාමාජිකත්වය අරන් එන්න. එහෙම වුණොත් අපි සලකා බලනවා."