රනිල්ට සහායට පොහොට්ටු මන්ත්‍රීවරුන් 75ක් පෙරට එයි..දිස්ත්‍රික් 12කින් පළමු වෙඩිමුරට තබයි..

Report

ජනාධිපතිවරණය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ හැර වෙනත් අපේක්ෂකයකු ඉදිරිපත් කළහොත් ඊට එරෙහිව යමින් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය පළකිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික්ක 12ක නායකයෝ තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.

කොළඹ මලලසේකර මාවතේ රාජ්‍ය අමාත්‍යවරයකුගේ නිවසේ පෙරේදා (22) රාත්‍රි පැවැති විශේෂ සාකච්ඡාවකවකදී මෙම තීරණය ගෙන ඇති බවයි පැවසෙන්නේ.

මෙම සාකච්ඡාව සඳහා දිස්ත්‍රික්ක 12ක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයන් සහභාගී වී තිබීම විශේෂත්වයක්. එම ආරංචි මාර්ග සඳහන් කරන්නේ, ඒ සදහා දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන එම පෙරමුණේ මන්ත්‍රිවරු 75කට ආසන්න පිරිසකගේ සහයද ඔවුන්ට ලැබී ඇති බවයි.

අද මේ ලග්න වලට අතමිට සරුවන , සමාජයේ සැළකිලි වැඩිවන සුපිරි ග්‍රහයෝගයක්..

අද මේ ලග්න වලට අතමිට සරුවන , සමාජයේ සැළකිලි වැඩිවන සුපිරි ග්‍රහයෝගයක්..


දිස්ත්‍රික් මට්ටමින් එම මන්ත්‍රිවරුන්, අදාළ දිස්ත්‍රික්කවල පළාත් පාලන ආයතන ප්‍රධානීන් හා මන්ත්‍රිවරුන්ද සම්බන්ධ කරගෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මැතිවරණ ව්‍යාපාරය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සංවිධාන කටයුතු සිදු කිරීමට ද මෙහිදී තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.