ජනපතිගෙන් හදිසි නියෝගයක්.. වහාම ක්‍රියාත්මක කරන්නැයි සාගලට දන්වයි..

Ranil Wickremesinghe Sri Lanka Sagala Ratnayaka
By Aruna May 16, 2023 02:18 AM GMT
Aruna

Aruna

Report

ආගමික සංහිඳියාවට හානි වන ලෙස දේවගැතිවරයෙකු විසින් ප්‍රකාශයක් කිරීම පිළිබඳව වහාම පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, ජනාධිපති උපදේශක ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාට නියෝග කර තිබෙනවා.

ඒ, අනුව අදාල නියෝගය පරිදි වහාම පරීක්ෂණයක් අරඹන ලෙස ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇති බවයි සඳහන් වන්නේ.

වගකීම් විරහිත ඇතැම් ප්‍රකාශ හේතුවෙන් ආගමික ගැටුම් නිර්මාණය වී එය රටේ සංහිඳියාවට බලපෑමක් විය හැකි බවයි ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ.

ඒ, අනුව අදාළ දේවගැතිවරයා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් සිදුකර තමාට වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී ඇති බවයි පැවසෙන්නේ.

ජෙරොම් ප්‍රනාන්දු නැමැති දේවගැතිවරයෙකු, බුදුන් වහන්සේට අපහාසයක් වන ප්‍රකාශයක් කළ බවට සමාජ මාධ්‍ය හා ඇතැම් මාධ්‍යවල තොරතුරු පසුගිය දින වල ප්‍රබල ලෙස වාර්තා වුණා.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now