හිටපු ජනපති රනිල්ට ලෝකයේ හිමි වූ තැන..ලංකාවටත් ආඩම්බරයක්..

Report

ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති ධුරයට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නම යෝජනා වී තිබෙන බව වාර්තා වනවා.

එම ධුරය එළැඹෙන වසරේ මාර්තු මස සිට භාරගන්නා ලෙස ඒ මහතාට ඉල්ලීමක් දැනටමත් ඉදිරිපත් වී ඇති බවයි පැවසෙන්නේ.

නමුත් වික්‍රමසිංහ මහතා මේ දක්වා එයට කැමැත්ත පළ කර නැත.

ආසියානු සංවර්ධන බැංකුව සඳහන් කර ඇත්තේ, හිටපු ජනාධිපතිවරයාගේ නම එම ධුරය සඳහා යෝජනා කර තිබුණේ ඔහු ජනාධිපති ධුරයේ කටයුතු කරන කාලයේදී ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග වැඩ කටයුතු කළ ආකාරය නිරීක්ෂණය කිරීමෙන් බවයි.

හිටපු ජනාධිපතිවරයාගේ ක්‍රියා කලාපය ලෝකයටම ආදර්ශයක් බවත් එම බැංකුව සඳහන් කර ඇත.

මේ අතර එම පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා සඳහන් කර ඇත්තේ, ඉදිරි මහ මැතිවරණයට තරග කිරීමෙන් හෝ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොවන බව, හිටපු ජනාධිපතිවරයා සඳහන් කළ බවයි.