ජනපතිගෙන් දැඩි අනතුරු ඇඟවීමක්..
By Sithumi
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරන්නේ, රජය දැනට ක්‍රියාත්මක කරන වැඩසටහන් කිසියම් ආකාරයකින් කඩාකප්පල් කළහොත් පසුගිය මැයි සහ ජුනි මාසවලට සමානව රට යළිත් අර්බුදයකට පත්වීම වැළැක්විය නොහැකි බවයි.
එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ රජය විසින් ක්‍රියාත්මක කරන ආර්ථික හා කෘෂිකාර්මික වැඩසටහන්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට අනුව රටවල් සමග ක්‍රියාත්මක වන ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන් එලෙස කඩාකප්පල් විය හැකි බවය.
ජනාධිපතිවරයා මේ බව පවසා සිටියේ අද (28) අනුරාධපුරයේ පැවැති වැඩසටහනකදීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |