මෙරට ප්‍රධානතම ගැටලු සඳහා නව අගමැතිගෙන් විශේෂ තීරණයක්..!

Report

අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවා හිඟය නැති කරමින් ජනතාවට සහන සැලසීමට යෝජනා ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ කමිටු හතරක් පත් කර තිබේ.

මහජනතාවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයකින් තොරව ලබාදීම සඳහා අදාළ අංශවලින් අදහස් විමසා යෝජනා ලබා ගැනීමට වජිර අබේවර්ධන සහ පාලිත රංගේ බණ්ඩාර යන මහත්වරුන් පත් කෙරිණි.

ඖෂධ හිඟය සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීම රුවන් විජේවර්ධනට පැවරී තිබෙනවා.

අකිල විරාජ් කාරියවසම් මහතා රටේ පවතින පොහොර හිඟය පිළිබඳව වාර්තා කිරීමට නියමිතය.

ඛනිජ තෙල් අර්බුදය පිළිබඳව සාගල රත්නායක වාර්තා කරයි.

මෙම කමිටුව සියලු පාර්ශ්වකරුවන් හමුවී සැබෑ ගැටලු හඳුනාගෙන ඔවුන්ගේ යෝජනා ලබා ගැනීමට බලාපොරොත්තු වේ


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now