රුසියාව ජාත්‍යන්තර වේදිකාවෙන් හුදකලා වී නැහැ – රනිල්

Ranil Wickremesinghe BRICS summit Russia Latest Headlines Sinhala news
By Shehan Jun 19, 2025 11:20 AM GMT
Shehan

Shehan

Report

රුසියාව ජාත්‍යන්තර වේදිකාවෙන් හුදකලා වී නොමැති අතර, එය ආසියානු කලාපයේ රටවල් ඇතුළු බොහෝ රාජ්‍යයන් සමඟ අඛණ්ඩව සබඳතා පවත්වන බව  හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ශවේන්ද්‍ර සිල්වා, මහින්ද, කුට්ටිආරච්චි ඇතුළු ප්‍රබලයන් 26කගේ දේපල රාජසන්තකයි...? - ලැයිස්තුව මෙන්න

ශවේන්ද්‍ර සිල්වා, මහින්ද, කුට්ටිආරච්චි ඇතුළු ප්‍රබලයන් 26කගේ දේපල රාජසන්තකයි...? - ලැයිස්තුව මෙන්න

හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් හි පැවැත්වෙන ජාත්‍යන්තර ආර්ථික සංසදය (SPIEF-2025) සඳහා සහභාගී වෙමින්, රුසියාවේ ප්‍රධාන මාධ්‍ය ජාලයක් වන Russia Today (RT) සමඟ පැවති සාකච්ඡාවකදී ය.

මෙම ප්‍රකාශය Russia Today ආයතනය විසින් පුළුල් ලෙස ප්‍රචාරය කර ඇත. සාකච්ඡාවේදී, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා BRICS (බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය, දකුණු අප්‍රිකාව) ආර්ථික හා දේශපාලනික කණ්ඩායමේ වැදගත්කම අවධාරණය කළේය.

“BRICS මගින් බටහිර ලෝකයට අයත් නොවන රටවල් නියෝජනය කරනවා,” යි පැවසූ ඔහු, තමා ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ සමයේ ශ්‍රී ලංකාව BRICS සාමාජිකත්වය සඳහා අයදුම් කළ බව ද සිහිපත් කළේය.

මෝදිගෙන් ට්‍රම්ප්ට කනේ පහරක් එන්නෙපා අපේ පැත්තට විනාඩි 30ක දුරකථන ඇමතුමක් මොකක්ද රහස

මෝදිගෙන් ට්‍රම්ප්ට කනේ පහරක් එන්නෙපා අපේ පැත්තට විනාඩි 30ක දුරකථන ඇමතුමක් මොකක්ද රහස

BRICS කණ්ඩායම ඉදිරියේදී ලොව විශාලතම ආර්ථික බලවේගය බවට පත්වනු ඇතැයි තමා හඳුනාගත් බවත්, ශ්‍රී ලංකාව වැනි බටහිර සංවර්ධිත ලෝකයට අයත් නොවන රටවල් සඳහා, නොබැඳි ව්‍යාපාරයේ බිඳවැටීමෙන් පසු නොතිබූ ජාත්‍යන්තර සහයෝගිතාවක් BRICS හරහා ලැබෙන බවත් ඔහු වැඩිදුරටත් පැහැදිලි කළේය.

ඊශ්‍රායලයේ ඉරාන ප්‍රහාරය ගැන හිටපු ජනාධිපති රනිල් ජාත්‍යන්තරය අමතයි

ඊශ්‍රායලයේ ඉරාන ප්‍රහාරය ගැන හිටපු ජනාධිපති රනිල් ජාත්‍යන්තරය අමතයි

මෙම අදහස් රුසියාවේ ජාත්‍යන්තර සබඳතා ශක්තිමත් වීමත්, බටහිර කේන්ද්‍රික නොවන නව ගෝලීය බලවේගයන්ගේ වර්ධනයත් පිළිබිඹු කරන බව Russia Today මාධ්‍ය ජාලය සිය ප්‍රකාශයක දී සඳහන් කර ඇත. හිටපු ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශ ජාත්‍යන්තර දේශපාලන හා ආර්ථික වේදිකාවේ ශ්‍රී ලංකාවේ ස්ථාවරය හා රුසියාවේ භූමිකාව පිළිබඳව නව සංවාදයක් ඇති කිරීමට හේතු වී ඇත.

නාමල් ළඟ තියා ගත්ත ගුවන් සේවිකාවගේ කතාවේ වාර්තා එළියට

නාමල් ළඟ තියා ගත්ත ගුවන් සේවිකාවගේ කතාවේ වාර්තා එළියට

ReeCha