විවාදයකට අනුර ඉදිරිපත් කළ අභියෝගයට තමා සුදානම් බව රනිල් කියයි...

Report

ජාතික ජන බලවේගය ආර්ථිකය සම්බන්ධයෙන් එක් මතයකට පැමිණෙන්නේ නම් අනුර කුමාර දිසානායක මහතා විවාදයක් සඳහා තමාට කළ අභියෝගය භාර ගැනීමට තමන් සූදානම් බව, ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පැවසී ය.

ඕස්ට්‍රේලියාවේ දරුවන්ට සමාජ මාධ්‍ය තහනම්...

ඕස්ට්‍රේලියාවේ දරුවන්ට සමාජ මාධ්‍ය තහනම්...

ඔහු මෙම අදහස් පළ කළේ, වෘත්තිකයින් පිරිසක් සමග පැවති සාකච්ඡාවකදී ය.

ඒ අනුව, ඔහු පවසා සිටියේ,

සමාජ මාධ්‍ය කැළඹ වූ තර්ජනාත්මක වීඩියෝව කළා යැයි සැකපිට පුද්ගලයෙක් CIDයට...

සමාජ මාධ්‍ය කැළඹ වූ තර්ජනාත්මක වීඩියෝව කළා යැයි සැකපිට පුද්ගලයෙක් CIDයට...

"මට මිත්‍රයා කියන්න එපා කිව්වා. ඔන්න දැන් ආනමඩුවේදී කියලා තියෙනවා විවාදයකට එන්න කියලා. මං කොහොමද විවාදයකට එන්නේ. ඔයගොල්ලෝ ඉස්සෙල්ලා කියන්න අපනයන ආර්ථිකයක් ද? ආනයන ආර්ථිකයක් ද? කියලා අපිට කියන්න. ඒක දැනුම් දුන්නාට පස්සේ එතුමයි මමයි IMF එකේ කළමනාකාරතුමියයි ඔක්කොම සාකච්ඡාවක් ඇති කරමු. ඕනේ නම් සජිත්ටත් එන්න කියමු."

යනුවෙනි.