අද රෑ රනිල්,මහින්ද සහ බැසිල් තීරණාත්ම සාකච්ඡාවක් අතරේ ගෝඨාභයත් එකවරම කරළියට එයි...පාර්ලිමේන්තුව විසුරුවයි..?
ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් අතර විශේෂ සාකච්ඡාවක් අද රාත්‍රියේ පැවැත්වෙන බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා පවසනවා.
මෙම සාකච්ඡාවේදී ඉදිරි දේශපාලන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ප්‍රබල තීන්දු කිහිපයක් ගනු ඇති බවයි මේ වන විට දැනගන්නට ලැබෙන්නේ.
මේ අතර, ඉදිරියේදී පැවැත්වන මැතිවරණ පිළිබඳවත් එහිදී තරග කරන ආකාරය පිළිබඳවත්, මෙම හමුවේදී වැඩි අවධානයක් යොමු කිරීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.
මෙහිදී ජනාධිපතිවරණයට කලින් පාර්ලිමේන්තු මැතිවරණයක් කැදවන්නේද නැද්ද යන්න ගැනද සාකච්චා කෙරෙන බව පැවසේ.
මේ අතර, ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රචිත ‘ජනාධිපති ධුරයෙන් මා නෙරපු කුමන්ත්‍රණය’ නම් කෘතිය එළිදක්වා පැය කිහිපයක් ඇතුළත පළමු මුද්‍රණය විකිණි අවසන් වී තිබෙන බව වාර්තා වනවා.
අද පෙරවරුවේ වෙළඳපොළට නිකුත් වූ මෙම කෘතිය පස්වරුව වන විට විකිණී අවසන් වී තිබූ බව අලෙවි නියෝජිතයන් සඳහන් කරයි.
මෙම තත්ත්වය මත එහි දෙවන මුද්‍රණය ද වෙළඳපළට නිකුත් කරමින් තිබෙන අතර තුන්වෙනි මුද්‍රණය සඳහාද කටයුතු සූදානම් කරමින් තිබෙන බවයි වාර්තා වන්නේ.
මෙම ග්‍රන්ථය අද(07) දින සිට ප්‍රමුඛ පෙළේ පොත් අලෙවිසැල්වලින් ඉංග්‍රීසි සහ සිංහල යන භාෂා දෙකෙන්ම ලබා ගැනීමට හැකියාව පවතී.