මෙරට පවුල් ලක්ෂ තිස් දෙකකට මුදල් ආධාර - ලබාදෙන දිනය ගැනත් ඇමති කියයි

Report

ආර්ථික වශයෙන් පීඩාවට පත් පවුල් ලක්ෂ 32ක් සඳහා සහන සැලසීමට රජය සැලසුම් කර ඇති බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කළේ ලෝක බැංකුව හා ආසියානු සංවර්ධන බැංකුව ලබාදී ඇති ආධාර භාවිත කරමින් එම සහන ලබාදෙන බවය.

"ආර්ථික වශයෙන් ඉතා විශාල ලෙස පීඩාවට පත්වී සිටින පවුල් ලක්ෂ 32ක පමණ ප්‍රමාණයක් සඳහා එම සහාන ලබාදෙනවා." "ජුලි මාසයෙන් ආරම්භ වී ඉදිරි මාස 6ක කාලය තුළ එය ක්‍රියාත්මක වෙනවා."   

"සෑම පවුලකටම උපරිමය රුපියල් 7,500 දක්වා ප්‍රමාණයක මුදලක් ලබාදෙනවා."   "ලෝක බැංකුව මගින් ඩොලර් මිලියන 200ක ප්‍රමාණයකුත් ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 200ක ප්‍රමාණයකුත් රජයට ලබාදීලා තිබෙනවා. ඒවා මෙම සහන වැඩසටහන සඳහා යොදා ගන්නවා."   


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now