ගීයෙන් මිනිස් සිත් සුවපත් කළ අපවත් වී වදාළ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ ආදාහන පූජෝත්සවය ගැන දැනුම්දීමක්
මෙරට ගීත සාහිත්‍යයට අර්ථවත් මෙන්ම රසවත් ගේය පද රචනා රැසක් දායාද කළ ප්‍රවීණ ගීත රචක අපවත් වී වදාළ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ ස්වාමීන්වහන්සේගේ ශ්‍රී දේහය පිළිබද ආදාහන පූජෝත්සවය අනිද්දා පස්වරුවේ සිදු කිරීමට නියමිත බව දන්වයි.
1950 මැයි 22 වන දින මාතර දිස්ත්‍රික්කයේ දෙනියාය ආසන්නයේ රඹුකන ග්‍රාමයේ උපත ලැබූ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ ස්වාමීන්වහන්සේ පසුව පැවිදි දිවියට ඇතුළත් වී, ගීත සාහිත්‍යය තුළ සුවිශේෂී අනන්‍යතාවක් ගොඩනඟා ගන්නා ලදි.
එසේම බෞද්ධ දර්ශනය, මනුෂ්‍ය ජීවිතය සහ සමාජ යථාර්ථය සිය ගේය පද රචනා තුළින් සරලව මෙන්ම ගැඹුරින් ඉදිරිපත් කිරීම රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ ගීත නිර්මාණවල විශේෂත්වයක් විය.
ඊයේ රනිල් රටටම කිව්ව අසුබ ආරංචියත් එක්ක IMF ගනුදෙනුවට ඉස්සරහට වෙන දේ - මහ බැංකු අධිපතිගෙනුත් ප්‍රකාශයක්
එමෙන්ම “සඳ තරු මල්”, “නුඹට හිතැති නුඹ හිත නැති”, “ළා දළු බෝපත්”, “මේ ඉර හඳ යට හමුවී”, “සරසවි කඳුළු පාය” ඇතුළු ජනප්‍රිය ගීත රැසක් උන්වහන්සේගේ ගේය පදවලින් හැඩවුණ අතර බෞද්ධ කතා පුවත් ඇසුරින් ගීත රැසක් නිර්මාණය කළ උන්වහන්සේ, මිනිස් ජීවිතයේ සංවේදී අත්දැකීම් සහ සමාජයේ පවතින විවිධ යථාර්ථයන් ද සිය නිර්මාණවලට පාදක කර ගැනීමට සමත් විය.
“අව්වට වැස්සට හුරු මිනිසුන්නේ” වැනි ගීත තුළින් වෙහෙස මහන්සි වී රට ගොඩනඟන සාමාන්‍ය ජනතාවගේ ජීවිතය, ඔවුන් මුහුණදෙන අසාධාරණකම් සහ සමාජයේ පවතින විෂමතා පිළිබඳව ප්‍රබල අදහසක් ඉදිරිපත් කිරීමට උන්වහන්සේ සමත් වූ අතර “ළා දළු බෝපත්” වැනි ගීත තුළින් සිත නිවා සනසන බෞද්ධ ආධ්‍යාත්මික හැඟීමක් රසික හදවත් වෙත ගෙන ඒමටද එහිමියන් සමත් විය.
ගැසට් පත්‍රයකින් මෙම රාජ්‍ය සේවකයන් බඳවා ගැනීමේ කාලය දීර්ඝ කරන බවට විශේෂ දැනුම්දීමක් - තනතුරු රැසකට අයදුම්පත්
එමෙන්ම උන්වහන්සේගේ ගී පදවල සරල වචන භාවිතයෙන් ගැඹුරු ජීවන අරුත් මතු කිරීම සුවිශේෂී විය. බුදු දහම, මනුෂ්‍යත්වය, සමාජ යථාර්ථය සහ ජීවිතයේ අනිත්‍යතාව පිළිබඳව උන්වහන්සේ කළ නිර්මාණ අදටත් රසිකයන් අතර ජනප්‍රිය අතර රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ ගීත රචනා මෙරට ගීත සාහිත්‍යයේ සුවිශේෂී සලකුණක් බවට පත්ව ඇත.
කෙසේ වෙතත් ගීයෙන් මිනිස් සිත් සුවපත් කළ, ගීයෙන් සමාජය දෙස කැඩපතක් අල්ලා පෙන්වූ, අර්ථවත් ගේය පද රැසක් මෙරටට දායාද කළ රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ අපවත්වීම ශ්‍රී ලාංකේය ගීත සාහිත්‍යයට පිරවිය නොහැකි හිස්තැනක් වේ.
එසේම අපවත්වී වදාළ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ ස්වාමීන්වහන්සේගේ ශ්‍රී දේහය වැල්ලවත්ත ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානයේ තැන්පත් කර ඇති අතර ආදාහන පූජෝත්සවය දෙහිවල සරණංකර ක්‍රීඩාංගනයේදී අනිද්දා පස්වරුවේ සිදු කිරීමට නියමිත බව සඳහන්.