මුළු ලංකාව වටේම සිදුවෙන දේ ගැන දැනුම්දෙමින් පැය 24ක් වලංගු නිවේදනයක්

Report

පුත්තලම සිට ගාල්ල, මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා මුහුදු රළ උස ඉහළ යාමේ හැකියාවක් පවතින බව දක්වමින් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් හදිසි අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

අද (19) පස්වරු 5.30 ට නිකුත් කරන ලද මෙම නිවේදනය හෙට (20) දිනය දක්වා බලපැවැත්වෙනු ඇත. එම නිවේදනයට අනුව අදාළ වෙරළට ඔබ්බෙන් වන මුහුදු තීරයේ රළ උස මීටර් 2.5 ත් 3.0 ත් අතර ප්‍රමාණයකින් ඉහළ යාමේ අවදානමක් පවතියි.

දිවයින වටා මුහුදු ප්‍රදේශ රැසකට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් හදිසි අවවාදාත්මක නිවේදනයක්

දිවයින වටා මුහුදු ප්‍රදේශ රැසකට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් හදිසි අවවාදාත්මක නිවේදනයක්

මෙහි ප්‍රතිඵලයක් ලෙස බේරුවල සිට ගාල්ල හරහා මාතර දක්වා වන වෙරළාශ්‍රිත ප්‍රදේශවලට මුහුදු රළ ගොඩබිමට ගලා ඒමේ හැකියාවක් ද පවතින බැවින්, එම මුහුදු ප්‍රදේශවල නාවික සහ ධීවර කටයුතුවල යෙදෙන පිරිස් මෙන්ම වෙරළාශ්‍රිත ජනතාව ද මේ පිළිබඳව දැඩි අවධානයෙන් හා සපරික්ෂාකාරීව කටයුතු කරන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඉල්ලා සිටියි.

පළමු ඩිජිටල් හැඳුනුම්පත් නිකුත් කිරීම සහ මේ සැප්තැම්බර්වල සිට සියලුම රථ වාහන දඩ මුදල් ගෙවිය හැකි ක්‍රමය ගැන රටටම දැනුම්දීමක්

පළමු ඩිජිටල් හැඳුනුම්පත් නිකුත් කිරීම සහ මේ සැප්තැම්බර්වල සිට සියලුම රථ වාහන දඩ මුදල් ගෙවිය හැකි ක්‍රමය ගැන රටටම දැනුම්දීමක්