මහා පරිමාණ වංචාවක පරීක්ෂණ වාර්තාවක් ජනාධිපතිවරයා විසින් හිතාමතාම යට ගහලා.. පාර්ලිමේන්තුව දෙදරවමින් චානක එළි කරයි

Report

ශ්‍රී ලංකා රේගුව තුළ සිදුවූ මහා පරිමාණ වංචාවක් සම්බන්ධයෙන් කෙරුණු පරීක්ෂණ වාර්තාවක් ජනාධිපතිවරයා විසින් හිතාමතාම යටගසා ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා පාර්ලිමේන්තුවේදී බරපතළ චෝදනාවක් එල්ල කර ඇත.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පැවසුවේ රේගුවේ Red Channel හරහා මෙරටට ගෙන්වන ලද අඩි 40ක බහාලුමක් පරීක්ෂා කිරීමේදී මෙම වංචාව අනාවරණය වී ඇති බවයි.

ඔහු පෙන්වා දෙන්නේ වාහන අමතර කොටස්, එන්ජින් සහ අසුන් තොගයක් අඩංගු වූ මෙම බහාලුම පරීක්ෂා කළ පළමු සහ දෙවන කණ්ඩායම් එහි කිසිදු ගැටලුවක් නොමැති බවට වාර්තා කර තිබුණද, රේගු මධ්‍යම විමර්ශන අංශය විසින් සිදුකළ තෙවන පරීක්ෂාවේදී භාණ්ඩ වර්ග 85ක් හඳුනාගෙන ඇති බවයි.

තව යුද්ධයක් එනවා.. මාර්තු අවසන් වෙනකොට IMF ගිවිසුම අවසානයි - ලංකාවම තැති ගන්වමින් රටේ ආර්ථිකය ගැන රනිල් ගෙනාව අසුබ ආරංචිය

තව යුද්ධයක් එනවා.. මාර්තු අවසන් වෙනකොට IMF ගිවිසුම අවසානයි - ලංකාවම තැති ගන්වමින් රටේ ආර්ථිකය ගැන රනිල් ගෙනාව අසුබ ආරංචිය

ඒ අනුව එම භාණ්ඩ අතරින් වර්ග 45ක් රේගුවට ප්‍රකාශ කර නොතිබූ ඒවා බවත්, ඒ යටතේ හොර රහසේ ගෙන්වන ලද ඒකක 355ක් තිබූ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා හෙළි කරයි. තවද ආනයන බලපත්‍ර නොමැති වාහන අසුන් 122ක් සහ රිම් සහිත ටයර් 18ක් ද එම බහාලුම තුළ තිබී හමු වූ බව පවසයි.

ඊට අමතරව ඔහු ප්‍රකාශ කළේ මෙම වංචාවට සම්බන්ධ බවට චෝදනා එල්ල වී ඇති රේගු නිලධාරියා වර්තමානයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉහළ තනතුරක් දරන ජනාධිපතිවරයාගේ සමීපතමයෙකු බවයි.

ගැසට් පත්‍රයකින් මෙම රාජ්‍ය සේවකයන් බඳවා ගැනීමේ කාලය දීර්ඝ කරන බවට විශේෂ දැනුම්දීමක් - තනතුරු රැසකට අයදුම්පත්

ගැසට් පත්‍රයකින් මෙම රාජ්‍ය සේවකයන් බඳවා ගැනීමේ කාලය දීර්ඝ කරන බවට විශේෂ දැනුම්දීමක් - තනතුරු රැසකට අයදුම්පත්

ඒ සම්බන්ධයෙන් වූ බුද්ධි අංශ පරීක්ෂණ වාර්තාව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා හරහා ජනාධිපතිවරයා වෙත යොමු කර තිබුණද, සිය හිතවතා ආරක්ෂා කිරීමට ජනාධිපතිවරයා එම වාර්තාව ප්‍රසිද්ධ නොකර සඟවාගෙන සිටින බවට ද ඩී.වී. චානක මහතා වැඩිදුරටත් චෝදනා කරයි.

ඒ අනුව මෙම දූෂිත ක්‍රියාවලිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වහාම රටට ප්‍රකාශයක් කළ යුතු බවත්, අධිකරණයට පවා බලපෑම් කරමින් මෙවැනි වංචාකරුවන් ආරක්ෂා කිරීම රටේ අනාගතයට බරපතළ තර්ජනයක් බවත් ඔහු අවධාරණය කළා.  

ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ ඉල්ලීමක් - හෙට 6.53 සිට වලංගුයි

ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ ඉල්ලීමක් - හෙට 6.53 සිට වලංගුයි