ලංකාවටම සුබ වෙයි - සංචාරකයින් ලක්ෂ ගණන් ලංකාව හොයන් එයි
අගෝස්තු මාසයේ මුල් දින 16 තුළ පමණක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව එක් ලක්ෂ දහතුන් දහස ඉක්මවා ගොස් ඇති බව වාර්තා වේ.
ඒ අනුව මෙය මෙරට සංචාරක කර්මාන්තයේ තවදුරටත් කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරන බව සඳහන්.
එසේම 2026 ජනවාරි 01 සිට අගෝස්තු 16 දක්වා සමස්ත සංචාරක පැමිණීම් සංඛ්‍යාව 1,456,725ක් වේ.