සුනඛ වෙස්මුහුණ දාගෙන ආපු මිනිසාගෙන් බරපතළ චෝදනාවක් - මධ්‍ය ප්‍රදේශයේ පැමිණිලි විභාගය උණුසුම් කළ සිදුවීම

Report

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ ඛණ්ඩවා දිස්ත්‍රික්කයේ මහජන පැමිණිලි විභාගයක් අතරතුර සුනඛ වෙස්මුහුණක් පැළඳ පැමිණි පුද්ගලයෙකු හේතුවෙන් විශේෂ අවධානයක් යොමුව තිබේ.

ඛණ්ඩවා කලෙක්ටරේට් කාර්යාලයේ පැවති සතිපතා මහජන පැමිණිලි විභාගයට මෙම පුද්ගලයා පැමිණ තිබුණේ ඛණ්ඩවා මහ නගර සභාවට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සඳහාය.

මහ නගර සභාවේ විපක්ෂ නායක දීපක් ‘මුල්ලු’ රාතෝර් මහතා සමඟ පැමිණි මෙම පුද්ගලයා, නගර සභාව විසින් ක්‍රියාත්මක කරනු ලබන අයාලේ යන සුනඛයන් වන්ධ්‍යකරණ වැඩසටහනේ සිදුව ඇතැයි කියන අක්‍රමිකතා පිළිබඳ අවධානය යොමු කිරීම සඳහා මෙම අසාමාන්‍ය විරෝධතා ක්‍රමය භාවිත කර තිබේ.

රාතෝර් මහතා චෝදනා කර ඇත්තේ අයාලේ යන සුනඛයන් වන්ධ්‍යකරණය කිරීමේ මුවාවෙන් මහ නගර සභාව රුපියල් ලක්ෂ ගණනක මූල්‍ය අක්‍රමිකතා සිදුකර ඇති බවයි.

වන්ධ්‍යකරණ වැඩසටහන ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොකර ලේඛනවලට පමණක් සීමා වී ඇති බවත්, ඒ සඳහා වෙන් කළ රජයේ මුදල් අවභාවිත කර ඇති බවටත් ඔහු චෝදනා කළේය. සුනඛ වෙස්මුහුණක් පැළඳ සිටි මෙම පුද්ගලයා රාතෝර් මහතා විසින් මහජන පැමිණිලි විභාගය පැවති ස්ථානයේදී පරිපාලන නිලධාරීන් වෙත රැගෙන ගොස් තිබේ.

මානවරූපී චීන රොබෝවරුන්ගේ ආයෝජන ලොව කළඹයි - ඇමරිකාව සමග සුපිරි සටනකට පිවිසෙයි

මානවරූපී චීන රොබෝවරුන්ගේ ආයෝජන ලොව කළඹයි - ඇමරිකාව සමග සුපිරි සටනකට පිවිසෙයි

මෙම අසාමාන්‍ය විරෝධතාව නිලධාරීන්ගේ මෙන්ම මහජනතාවගේද දැඩි අවධානයට ලක්ව ඇති අතර, එහි ඡායාරූප සහ වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේද සංසරණය වී තිබේ.

වන්ධ්‍යකරණ වැඩසටහනේ ක්‍රියාකාරීත්වය සහ ඒ සඳහා මහ නගර සභාව වැය කර ඇති මුදල් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස රාතෝර් මහතා ඉල්ලා තිබේ. විශාල මුදලක් වැය කළද නගරයේ අයාලේ යන සුනඛයන්ගේ ගැටලුව තවදුරටත් පවතින බවද ඔහු පෙන්වා දී තිබේ.

මේ අතර, දිස්ත්‍රික් පරිපාලනය විසින් පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බවට පැමිණිලිකරුවන්ට සහතික වී ඇත. අතිරේක කලෙක්ටර් කාෂි රාම් බඩෝලේ මහතා සඳහන් කර ඇත්තේ සුනඛ වන්ධ්‍යකරණ මධ්‍යස්ථානයේ ක්‍රියාකාරීත්වය සහ එහි සිදුව ඇතැයි කියන දූෂණ හා අක්‍රමිකතා සම්බන්ධයෙන් මහජන පැමිණිලි විභාගයේදී පැමිණිල්ලක් ලැබී ඇති බවයි.

ඒ අනුව, අදාළ මධ්‍යස්ථානයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ විමර්ශනයක් සිදුකරන බවත්, චෝදනා සත්‍ය බවට තහවුරු වුවහොත් වගකිවයුතු පුද්ගලයන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් අතිරේක කලෙක්ටර්වරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ළමුන් සමාජ මාධ්‍යවලට ඇබ්බැහි කළාට මෙටා සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්- ඇමරිකානු ප්‍රාන්ත 29කින් චෝදනා

ළමුන් සමාජ මාධ්‍යවලට ඇබ්බැහි කළාට මෙටා සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්- ඇමරිකානු ප්‍රාන්ත 29කින් චෝදනා