පලෙයි කැලේ' ගැන අසත්‍ය වීඩියෝවක් මුදාහළ පුද්ගලයා රක්ෂිත බන්ධනාගාරයට
By Mithu
සමාජ මාධ්‍ය හරහා වීඩියෝ පටයක් ඔස්සේ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් 'පලෙයි කැලේ' පිළිබඳ තහවුරු නොකළ අසත්‍ය තොරතුරු සමාජගත කළ පුද්ගලයා සැප්තැම්බර් 02 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද (19) නියෝග කළේය.
ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය (TID) විසින් ඊයේ (18) අත්අඩංගුවට ගන්නා ලද මෙම සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
පළමු ඩිජිටල් හැඳුනුම්පත් නිකුත් කිරීම සහ මේ සැප්තැම්බර්වල සිට සියලුම රථ වාහන දඩ මුදල් ගෙවිය හැකි ක්‍රමය ගැන රටටම දැනුම්දීමක්
අත්අඩංගුවට පත් පුද්ගලයා බොරලැස්ගමුව, බෙල්ලන්විල ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි වියේ පසුවන්නෙකි.