ගල්කිස්ස කොන්ත්‍රාත් ඝාතනයේ වෙඩික්කරු සහ කාන්තාව ඇතුළු සිව්දෙනෙකු අත්අඩංගුවට

Report

ගල්කිස්ස, ටෙම්පල් පාර හුළුදාගොඩ පටුමගේ පිහිටි ගරාජයක් තුළදී පසුගිය 15 වැනි දින රාත්‍රියේ පුද්ගලයෙකුගේ මුඛයට වෙඩි තබා ඝාතනය කිරීමේ කොන්ත්‍රාත් ඝාතනයට සම්බන්ධ ප්‍රධාන වෙඩික්කරු සහ ආධාර අනුබල දුන් කාන්තාවක ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු අද (19) අත්අඩංගුවට ගත් බව ත්‍රස්ත මර්දන විමර්ශන කොට්ඨාසය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් පිරිස අතර වෙඩික්කරුට අමතරව ඝාතනය සඳහා ආධාර අනුබල දුන් තවත් පුද්ගලයින් දෙදෙනෙකු ද වන අතර, ඝාතනයට යොදාගත් $3.8$ වර්ගයේ රිවෝල්වර ගිනි අවිය සහ ජීව උණ්ඩ 20ක් ද පොලිස් භාරයට ගෙන ඇත.

මහ බැංකුවෙන් මුළු ලංකාවටම අසුබ ආරංචියක් - ණය ලබාදීම පිළිබඳව දැනුම්දීමක්

මහ බැංකුවෙන් මුළු ලංකාවටම අසුබ ආරංචියක් - ණය ලබාදීම පිළිබඳව දැනුම්දීමක්

ත්‍රස්ත මර්දන විමර්ශන කොට්ඨාසයට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීම්වලදී කාන්තාව ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේදීත්, අනෙක් සැකකරු වත්තල ප්‍රදේශයේදීත් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම කොන්ත්‍රාත් ඝාතනය සඳහා කුලී වෙඩික්කරුට සහ යතුරුපැදිකරුට රුපියල් ලක්ෂ පහක මුදලක් ලබාදී ඇති අතර, ආධාර අනුබල දුන් කාන්තාවට සහ අනෙක් පුද්ගලයාට "අයිස්" මත්ද්‍රව්‍ය ලබාදී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.

මහා පරිමාණ වංචාවක පරීක්ෂණ වාර්තාවක් ජනාධිපතිවරයා විසින් හිතාමතාම යට ගහලා.. පාර්ලිමේන්තුව දෙදරවමින් චානක එළි කරයි

මහා පරිමාණ වංචාවක පරීක්ෂණ වාර්තාවක් ජනාධිපතිවරයා විසින් හිතාමතාම යට ගහලා.. පාර්ලිමේන්තුව දෙදරවමින් චානක එළි කරයි

මෙලෙස ඝාතනයට ලක්වූයේ රාගම කැන්දලියද්දපාලුව ප්‍රදේශයේ පදිංචිව සිටි 40 හැවිරිදි එස්. වයි. වාමන් බමුණුආරච්චි නමැති පුද්ගලයායි.