මහින්ද රාජපක්ෂගේ දෙවන පදවි ප්‍රාප්ති සංවත්සරයට විතරක් පත්තර 11 ක දැන්වීම් ගහලා

Lakshman Yapa Abeywardena Mahinda Rajapaksa Bribery Commission Sri Lanka Law and Order Sinhala news
By Kaushi May 16, 2025 09:11 AM GMT
Kaushi

Kaushi

Report

අල්ලස් කොමිසම මඟින් හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ඇතුළු දෙදෙනෙකුට නඩු පැවරීමට පියවර ගෙන තිබෙනවා.

මෙසේ නඩු පවරා ඇත්තේ 2014 වර්ෂයේ ජනාධිපතිව සිටි මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන පදවි ප්‍රාප්ති සංවත්සරය සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අරමුදල්වලින් පුවත්පත්වල දැන්වීම් පළ කිරීමේ සිද්ධියක් සම්බන්ධවයි.

ඒ අනුව එමඟින් රජයට රුපියල් ලක්ෂ 17 කට අධික මූල්‍ය පාඩුවක් සිදු කළ බව එහි සඳහන්.

පොඩි ළමයින්ව එළියට යවන්නම එපා...හදිසියේම දැනුම් දීමක්....

පොඩි ළමයින්ව එළියට යවන්නම එපා...හදිසියේම දැනුම් දීමක්....

මේ හේතුවෙන් අල්ලස් කොමිසම මඟින් හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් ජයන්ත එදිරිසිංහ යන අයට විරුද්ධව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර තිබෙනවා.

අල්ලස් කොමිසම මඟින් අඳාළ නඩුව ගොනු කර ඇත්තේ දූෂණ විරෝධී පනත යටතේ වරදක් සිදු කර ඇති බවට චෝදනා කරමින්.

ඒ මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන පදවි ප්‍රාප්තිය සඳහා 2014 වසරේ නොවැම්බර් මස 19 වනදා පුවත්පත් 11ක ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අරමුදලින් පුවත්පත් අතිරේක පළ කිරීම නිසා රජයට 1748877.76 ක මුදලක් පාඩු කිරීම සම්බන්ධවයි.

අද මේ ලග්න වල වැය පස ඉහළ යන දිනයක්....කල්පනාවෙන් වැඩ කරන්න

අද මේ ලග්න වල වැය පස ඉහළ යන දිනයක්....කල්පනාවෙන් වැඩ කරන්න

ඒ අනුව මෙම නඩුවේ විත්තිකරුවන්ට එරෙහිව ගොනු කර තිබෙන චෝදනා සංඛ්‍යාව පහක් බව ප්‍රකාශ කරයි.

එසේම සාක්ෂිකරුවන් ලෙස පුද්ගලයින් 15 දෙනෙකු ද නම් කර ඇත.

තවද ලේඛන 21 ක් නඩු භාණ්ඩ ලෙස ඉදිරිපත් කර තිබෙනවා.

ReeCha