අද මේ ලග්න වල වැය පස ඉහළ යන දිනයක්....කල්පනාවෙන් වැඩ කරන්න

Horoscope Astrology Lagna Palapala Sinhala news
By Hashini May 15, 2025 11:43 PM GMT
Hashini

Hashini

Report

මේෂ ලග්නය

ක්‍රියාකාරකම් බහුල වීමෙන් අතපසුවීම් ඇති වෙයි. ගමන් බිමන්ද යෙදේ. ආගමික වතාවත් පුද පූජා වැනි දේවල් ද යෙදේ. ප්‍රීති උත්සව වැනි දේවල් ද යෙදේ. වැය ඉහළ දිනකි. සිරස රෝග පීඩා මතුවෙයි.ජය අංකය: 01 ශුභ වර්ණය: රතු

වෘෂභ ලග්නය

තම නිර්මාණ ඇරඹීමට ඉදිරිපත් කිරීමට ශුභයි. උගතුන්ගෙන් උපදෙස් උපකාර ලබයි. උත්සව සාද යෙදේ. නවක සබඳතා ප්‍රේම සබඳතා වර්ධනය වෙයි. අමතර ලාභ මතු කරයි. ආමාශගත රෝග මතු කරයි.ජය අංකය: 02 ශුභ වර්ණය: සුදු

මිථුන ලග්නය

ගමන් බිමන් බහුල දිනකි. සතුරු බලපෑම් එල්ල වේ. බුද්ධියෙන් ක්‍රියා කළ යුතු දිනකි. නිර්මාණ කලාවන් තුළින් ලිපි ලේඛන තුළින් ජය ගෙන දෙයි. ආගමික උත්සව යෙදේ. නහරගත වේදනා ඉදිමුම් රෝග දේ. ජය අංකය: 03 ශුභ වර්ණය: කොළ

කටක ලග්නය

තරමක් වෙහෙසව ක්‍රියා කිරීමට සිදුවෙයි. තම ඥාති මිත්‍රාදීන්ගේ අවශ්‍යතා මත ක්‍රියා කිරීමට සිදු වේ. දුර ගමන් බිමන් ද යෙදේ. උත්සව සාද වැනි දේවල් සඳහා ද යොමු වෙයි. සෙම් කෝප රෝග, උෂ්ණ රෝග මතු කරයි. ජය අංකය: 04 ශුභ වර්ණය: රෝස

කුරුදු පාට සමක් ඕනෙද? මෙන්න එහෙනම්....

කුරුදු පාට සමක් ඕනෙද? මෙන්න එහෙනම්....

සිංහ ලග්නය

සුහදශීලීව ක්‍රියා කරන දිනකි. තම ඥාතීන්ගේ අවශ්‍යතාවයන් මත ක්‍රියා කරයි. තරග වලින් ජය දේ. උත්සව සැණකෙළි වැනි දේ සඳහා යොමු වන වැය පස ඉහළ යන දිනකි. සන්ධි ප්‍රදාහ රෝග මතු කරයි. ජය අංකය: 09 ශුභ වර්ණය: ළා දම්

කන්‍යා ලග්නය

ශුභා ශුභ ඵල දෙයි. ක්‍රියාශීලී දිනකි. ආගමික වතාවත් ක්‍රියා කාරකම් බහුලයි. විනෝද ගමන් ක්‍රියාකාරකම් යෙදේ. තරමක් මිල මුදල් අධික වෙයි. හදිසි ලාභ ගෙන දෙයි. බඩවැල් ආශ්‍රිත රෝග මතු කරයි. ජය අංකය: 07 ශුභ වර්ණය: ක්‍රීම්

තුලා ලග්නය

ක්‍රියාකාරකම් බහුලයි. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියා කරයි. ගමන් බිමන් ද යෙදේ. ප්‍රේම සබඳතාවයක් මතුවෙයි. උත්සව සැණකෙළි වැනි දේවල්හි නිරතවීමේ අවස්ථා යෙදේ. සන්ධි ඉදිමුම් රෝග මතුවේ. ජය අංකය: 04 ශුභ වර්ණය: සුදු

වෘශ්චික ලග්නය

ශුභා ශුභ ඵල දරයි. ගමන් බිමන් බහුල වේ. විනෝදජනක ක්‍රියාවන්හි යෙදේ. තරමක් වැය පස ද ඉහළ යයි. දහමට ලැදිව ක්‍රියා කරයි. හදිසි ලාභ ද ලබයි. මුත්‍රා රෝග මතු කරයි. ජය අංකය: 04 ශුභ වර්ණය: ළා රතු

‍රනිල්ව කපලා නාමලුයි සජිතුයි එක තීරණය

‍රනිල්ව කපලා නාමලුයි සජිතුයි එක තීරණය

ධනු ලග්නය

රාජකාරිවල උනන්දුවෙන් යෙදේ. ප්‍රීති උත්සව සාද වැනි දේවල්හි සහභාගි වීමේ ශක්තිය යෙදේ. නවක බැඳීම් වර්ධනය වෙයි. දුරස්ථ ඥාතීන් සමීප වෙයි. වැය ඉහළයි. සන්ධි රෝග නහර වේදනා දේ. ජය අංකය: 02 ශුභ වර්ණය: කහ

මකර ලග්නය

ක්‍රියාශීලී දිනකි. රාජකාරි ස්ථානවල බාධා ඉවත් වෙයි. ඇසුරු කරන්නන් අතර ප්‍රධාන වෙයි. තම අරමුණ ජය ගනී. සමාජ සත්කාරක ක්‍රියාවන්හි යෙදේ. මිල මුදල් වැඩිපුර වැයවන දිනකි. මුත්‍රා ආසාදන මතු කරයි. ජය අංකය: 08 ශුභ වර්ණය: දුඹුරු

කුම්භ ලග්නය

අවිවේකී දිනකි. රාජකාරි මෙන්ම අමතර ක්‍රියාකාරකම් යෙදේ. මහජන ප්‍රසාදයට පත්වන කරුණු කාරණා යෙදේ. මහජන ප්‍රසාදයට පත්වන කරුණු කාරණා යෙදේ. උත්සව සාද යෙදේ. තරමක වැය පස ද ඉහළ යයි. වාතාධික රෝග නහරාබාධ මතු කරයි. ජය අංකය: 05 ශුභ වර්ණය: නිල්

මීන ලග්නය

ක්‍රියාශීලී දිනකි. ප්‍රීති සාද උත්සව යෙදේ. දුර ගමන් ද යෙදේ. ආගමික උත්සව වතාවත් වැනි දේවල් යෙදේ. අලංකාරය සඳහා වැයපස ඉහළ යන දිනකි. හදිසි ලාභ ලබයි. ඉදිමුම් රෝග මතු වේ. ජය අංකය: 01 ශුභ වර්ණය: දම්

දෙවියනේ..! 100කට අධික පිරිසක් මිය ගිහින්

දෙවියනේ..! 100කට අධික පිරිසක් මිය ගිහින්

ReeCha