ප්‍රදේශ කිහිපයකට අදත් වැසි.
Sri Lanka
TN Weather
Weather
By Hashini
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (10) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
එම දෙපාර්තමේන්තුව පවසන්නේ ඌව,මධ්‍යම,සබරගමුව සහ නැගෙනහිර පළාත්වලත් ඇතැම් ස්ථානවල මි.මි.75ට වැඩි තද වැසි ඇති විය හැකි බවයි.
එමෙන්ම දකුණු පළාතේ වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේ වැසි ඇති විය හැකිය.
දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරන්නේ ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු වලක්වා ගන්නා ලෙසයි.
