සුනාමි අනතුරක් ඇත්ද? ජපානයේ 6.2ක ප්‍රබල භූමිකම්පාවක්
By R.rishma
උතුරු ජපානයට අයත් හොකයිඩෝ දූපත් කලාපයේ අද (27) අලුයම රික්ටර් මාපකයේ ඒකක 6.2ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම කම්පනයෙන් මෙතෙක් කිසිදු ජීවිත හානියක් හෝ දේපල හානියක් වාර්තා වී නොමැති බව සඳහන් වේ.
ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය ප්‍රකාශ කළේ මෙම භූමිකම්පාව හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කිරීමට අවශ්‍යතාවයක් ඇති නොවූ බවයි.
එසේම එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය අනුව, භූමිකම්පාවේ කේන්ද්‍රය සරබෙට්සු නගරයට කිලෝමීටර් 18ක් බටහිරින් පිහිටා ඇති අතර, එය පොළොව මතුපිටින් කිලෝමීටර් 81ක් ගැඹුරින් සිදුවී තිබේ.
මීට සතියකට පෙර ජපානයේ සිදුවූ ඒකක 7.7ක ප්‍රබල භූමිකම්පාවත් සමඟ, එරට ඊසානදිග වෙරළ තීරයට දැවැන්ත භූමිකම්පාවක් ඇතිවීමේ අවදානමක් පවතින බවට බලධාරීන් මීට පෙර අනතුරු අඟවා තිබුණි.