මහින්දානන්ද පදනමේ දේපළ යළි දුම්රිය දෙපාර්තමේන්තුවට

Report

වසර 20කට ආසන්න කාලයක් බදු පදනම මත පවත්වාගෙන ආ මහින්දානන්ද පදනමේ නිෂ්චල සහ චංචල දේපළ සියල්ල යළිත් දුම්රිය දෙපාර්තමේන්තුව වෙත භාර දී ඇත.

දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩමක පවතාගෙන ගිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම සහ ඒ ආශ්‍රිත භූමිය නැවත දුම්රිය දෙපාර්තමේන්තුවට මසක් වැනි කාලයක් තුළ පවරා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙසට පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී දැනුම්දීමක් කර තිබේ.

ඒ අනුව මහින්දානන්ද පදනමේ ලේකම් චාමික ධර්මතිලක මහතා විසින් ඊයේ දින දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට එම පදනම් ගොඩනැගිලි සහ භූමිය නැවත පවරාදීම සිදු කරන ලදී.

හතර වටින් මත්ද්‍රව්‍ය වැටලීම් - සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට

හතර වටින් මත්ද්‍රව්‍ය වැටලීම් - සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට

තවද ඉදිරියේදී මෙම ඉඩම ජනතාවට ප්‍රයෝජනයක් වන මහජන පොළ භූමියක් හා වෙනත් ආයතන සඳහා ලබාදීමට බලාපොරොත්තු වන බව ද සදහන්ය.