දුම්රිය ගේට්ටුකරු දුම්රියටම බිලි

By Mithu Aug 24, 2025 11:01 AM GMT
Report

මැදවච්චිය පොලිස් වසමේ යකාවැව දුම්රිය ගේට්ටුව ආසන්නයේදී කොළඹ කොටුව සිට මන්නාරම දක්වා ධාවනය වූ දුම්රියක ඊයේ (23දා) රාත්‍රී කාලයේ පුද්ගලයෙකු ගැටී මියගොස් ඇති බවට මැදවච්චිය පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත.

මරණකරු වයස අවුරුදු 34 ක් වූ යකාවැව, මැදවච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

රනිල් වෙනුවෙන් ඉන්දීය නායකයෙක් පෙරට - විශේෂ සටහනක් එකතු කරලා

රනිල් වෙනුවෙන් ඉන්දීය නායකයෙක් පෙරට - විශේෂ සටහනක් එකතු කරලා

මරණකරු දුම්රිය ගේට්ටුවෙහි තාවකාලික ගේට්ටු මුරකරු වශයෙන් රාජකාරි යෙදී සිටියදී මෙලෙස අනතුරට ලක්ව ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.

මෘත ශරීරය මැදවච්චිය රෝහලේ මෘත ශරාගාරයේ තැන්පත් කර ඇත. මැදවච්චිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

මොකක්ද මේ කතාව රනිල් අත්අඩංගුවට ගත්තේ ජවිපේ කාර්යාලයේ හිටිය පොලිස් නිලධාරියෙක් නිසාලු

මොකක්ද මේ කතාව රනිල් අත්අඩංගුවට ගත්තේ ජවිපේ කාර්යාලයේ හිටිය පොලිස් නිලධාරියෙක් නිසාලු