රනිල් වෙනුවෙන් ඉන්දීය නායකයෙක් පෙරට - විශේෂ සටහනක් එකතු කරලා

Report

රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම පිළිබඳව දෙස් විදෙස් නායකයන් රැසක් සිය කණගාටුව ප්‍රකාශ කර තිබේ. ඒ අනුව ඒ සියලු දෙනාගේ මතය වෙනුවෙන් මෙවැනි සුළු කරුණක් නිසා ඔහුව අත්අඩංගුවට ගෙන කටයුතු කිරීම සම්බන්ධයෙන් පරස්පර විරෝධී හැඟීමක් පවතින බවයි.

ඒ අනුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඉන්දීය පාර්ලිමේන්තු මන්ත්‍රී ශෂී තරූර් කනස්සල්ල පළ කර තිබෙනවා.

රනිල්ට අසාධ්‍යයි උසාවි එන්න බෑ - නිසි ප්‍රතිකාර නැත්නම් වකුගඩුවට හා මොළයට හානියක් වෙයි

රනිල්ට අසාධ්‍යයි උසාවි එන්න බෑ - නිසි ප්‍රතිකාර නැත්නම් වකුගඩුවට හා මොළයට හානියක් වෙයි

X සටහනක් නිකුත් කරමින් ඔහු සඳහන් කර තිබෙන්නේ, බැලූ බැල්මට පෙනෙන්නේ සුළු චෝදනා මත හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ රඳවා තබා ගන්නා බවයි. ඔහු වැඩිදුරටත් පවසා තිබෙන්නේ, පළිගැනීමේ දේශපාලනය අත්හැර, ජාතියට දශක ගණනාවක් සේවය කළ හිටපු ජනාධිපතිවරයාට අවශ්‍ය ගෞරවය හා ගෞරවයෙන් සලකන්නැයි ශ්‍රී ලංකා රජයට ඉල්ලා සිටින බවයි.

මෛත්‍රීපාල සිරිසේන රනිල් වෙනුවෙන් පෙරට - රට බේරාගන්න සියලු දෙනාට ආරාධනා

මෛත්‍රීපාල සිරිසේන රනිල් වෙනුවෙන් පෙරට - රට බේරාගන්න සියලු දෙනාට ආරාධනා

කෙසේ වෙතත්, මෙය ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කාරණයක් වන නිසා එයට සම්පූර්ණයෙන්ම ගරු කරන බවයි ඔහු සඳහන් කර තිබෙනවා.

රනිල්ට විශේෂ ආරක්‍ෂාවක්

රනිල්ට විශේෂ ආරක්‍ෂාවක්

Gallery