අඹේපුස්ස - අලව්ව අතර දුම්රිය ධාවනය ගැන නිවේදනයක්
අඹේපුස්ස – අලව්ව අතර දුම්රිය ගමනේ සීමා අඹේපුස්ස - අලව්ව අතර බුජොමුව පාලම ස්ථිරව සවි කිරීම සඳහා දුම්රිය ධාවනය එක් මාර්ගයකට පමණක් සීමා කිරීම සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර ඇත.
අප්‍රේල් 1 සිට 5 දක්වා අඹේපුස්ස - අලව්ව අතර දුම්රිය ධාවනය එක් මාර්ගයකට පමණක් සීමා කරන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි .
මෙම ස්ථානයේ පැවතුණු පැරණි ගඩොල් ආරුක්කු බෝක්කුව “දිට්වා” සුළි කුණාටුවෙන් සිදුවූ හානි නිසා හානියට පත්ව තිබුණි.
ඒ සමඟම මාර්ගය යටින් අඩි 45ක් පමණ කුහරයක් ඇතිවීමෙන්, මේ දක්වා තාවකාලික පාලමක් යොදා දුම්රිය ධාවනය පැයට කිලෝමීටර් 10ක වේග සීමාවක් යටතේ සිදුකර ඇත මේ අනුව අප්‍රේල් 1 සිට 4 දක්වා දිනවල කොළඹ කොටුව - රඹුක්කන දුම්රිය දෙකක් අඹේපුස්ස දක්වා සීමා කෙරෙන බවයි .
මෙම කාලය තුළ කොළඹ කොටුව සිට රඹුක්කන, මහව, ත්‍රිකුණාමලය හා මඩකලපුව දක්වා ධාවනය වන දුම්රිය ප්‍රමාද විය හැකි බවද දැනුම් දී තිබේ.
සිදුවන අපහසුතාවයන් පිළිබඳව මගී ජනතාවගෙන් කණගාටුව පළ කරමින්, දුම්රිය දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ මෙම තොරතුරු පිළිබඳව අවධානය යොමු කරන ලෙසයි