උත්සව සමයේ පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කරන වෙළඳුන් සොයා වැටලීම්
මෙම උත්සව සමයේ ජනතාවට පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කරන වෙළඳුන් සොයා අඛණ්ඩ වැටලීම් ආරම්භ කර තිබෙන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරුන්ගේ සංගමය සදහන් කර ඇත.
තවද මේ වන තෙක් සිදු කර්ස්නු ලැබූ වෙළඳසැල් පරික්‍ෂාවලදී පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කළ වෙළඳසැල් 375කට ආසන්න ප්‍රමාණයකට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබෙන බව එම සංගමයේ ලේකම්, චමිල් මුතුකුඩ මහතා ප්‍රකාශ කර තිබේ.
ඒ වගේම නුසුදුසු ආහාර අලෙවි කරන වෙළඳුන් සොයා අඛණ්ඩ වැටලීම් සදහා මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරුන් 1,800කට ආසන්න පිරිසක් දිවයින පුරා වෙළඳසැල් පරික්‍ෂාව සඳහා යොදවා තිබෙන බවත් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරුන්ගේ සංගමයේ ලේකම්, චමිල් මුතුකුඩ මහතා තවදුරටත් සදහන් කරයි.