රන් මිල 60%න් වැඩි වෙයි - රත්තරන් දිහා ආයේ බලනවා බොරු

Report

ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ ඉහළම රත්තරන් මිල ඊයේ (22) දින වාර්තා වී තිබෙනවා.

ඒ රන් අවුන්සයක මිල ඇමරිකානු ඩොලර් හාරදහස් හාරසියයයි දශම දෙකයි නවයක් (4,400.29) වශයෙන්.

ලෝක වෙළෙඳපොළේ රත්තරන් මිල ඉහළ යාම නිසා ශ්‍රී ලංකාවේ ස්වර්ණාභරණ වෙළෙඳපොළේ කැරට් 24 රන් පවුමක මිල රුපියල් තුන්ලක්ෂ හතළිස්හතර දහසක් (344,000) දක්වා ඉහළ ගොස් ඇති බව සමස්ත ලංකා ස්වර්ණාභරණ අලෙවිසල් හිමියන්ගේ සංගමයේ ලේකම් රාමන් සුබ්‍රමනියම් පවසා ඇත.

රන් මිල නැවත වාර්තාගත ලෙස ඉහළට - රන් වෙළඳපොළේ දැඩි උණුසුම්

රන් මිල නැවත වාර්තාගත ලෙස ඉහළට - රන් වෙළඳපොළේ දැඩි උණුසුම්

තවද කැරට් 22 රන් පවුමක මිල රුපියල් දෙලක්ෂ දහඅටදහස් පන්සියයක් (218,500) දක්වා ද, කැරට් 18 රන් පවුමක මිල රුපියල් දෙලක්ෂ පනස් (258,000)ක් දක්වා ද ඉහළ ගොස් ඇති බව ලේකම්වරයා සඳහන් කර ඇත.

රන් මිල 60%න් වැඩි වෙයි - රත්තරන් දිහා ආයේ බලනවා බොරු | Today Sri Lanka Gold Prices

එසේම මේ වසරේදී ලෝක වෙළෙඳපොළේ රන් මිල සියයට හැටකට (60%) වඩා වැඩි ප්‍රතිශතයකින් ඉහළ ගොස් තිබෙනවා.

පසුගිය ඔක්තෝබර් මාසයේදී ද ලෝක වෙළෙඳපොළේ රත්තරන් මිල ඉහළ ගොස් තිබුණා.

ඒ අනුව අද (23) දින ශ්‍රී ලංකාවේ රන් මිල ගණන් පහත පරිදී දැක්වුණ අතර මෙම මිල ගණන් උච්චාවචනය විය හැකි බව සඳහන්.

රන් වෙළඳපොල උණුසුම්.. රන් මිල තවදුරටත් ඉහළට

රන් වෙළඳපොල උණුසුම්.. රන් මිල තවදුරටත් ඉහළට

රන් මිල 60%න් වැඩි වෙයි - රත්තරන් දිහා ආයේ බලනවා බොරු | Today Sri Lanka Gold Prices

කැරට් 18 රන් ග්‍රෑම් 8 ක් රුපියල් 249,500

කැරට් 21 රන් ග්‍රෑම් 8 ක් රුපියල් 291,500

කැරට් 22 රන් ග්‍රෑම් 8 ක් රුපියල් 319,800

කැරට් 24 රන් ග්‍රෑම් 8 ක් රුපියල් 349,500 

අනුෂම් තාරකාවෙන් උපන් අයට අද අපේක්ෂිත ශුභාරංචි සහ අනපේක්ෂිත ලාභ රැසක්

අනුෂම් තාරකාවෙන් උපන් අයට අද අපේක්ෂිත ශුභාරංචි සහ අනපේක්ෂිත ලාභ රැසක්