සංචරණය කැඩු අයෙකු පොලීසියට ගෙන යද්දී මිය යයි...

isolated panadura quarantine travel restriction
By Sewvandhi Jun 07, 2021 12:54 AM GMT
Sewvandhi

Sewvandhi

Report

නිරෝධායන නීති කඩ කළේ යැයි චෝදනාව මත පොලිසිය විසින් අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු පොලිස් ජිප් රථයෙන් පොලිසිය වෙත ගෙන යමින් සිටියදී ඉන් ඇද වැටී තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් තිබේ.

පානදුර උතුර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් මෙම 42 හැවිරිදි පුද්ගලයා ධාවනය වූ ජීප් රථයෙන් පැනීමට උත්සහ කිරීමේදී ඇද වැටීමෙන් තුවාල ලබා පානදුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි.

එම පුද්ගලයා නිරෝධාය නීති කඩකරමින් මහා මාර්ගයේ ගමන් කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන ජීප් රථයෙන් පොලිසියට ගෙන යමින් සිටි දී පැන යාමට උත්සාහ දැරූ බවත් පොලිසිය පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now