රට පුරා QR පරීක්ෂාවෙන් විශාල පිරිසක් ඉවත් වෙයි...

Ceylon Petroleum Corporation Sri Lanka Sri Lanka Fuel Crisis National Fuel Pass
By Aruna Aug 16, 2022 07:01 AM GMT
Aruna

Aruna

Report
100 Shares

සංවර්ධන සේවා නිලධාරීන් කණගාටු වෙයි ඉන්ධන සැපයීමේ දී QR කේත ක්‍රමය පරීක්ෂා කිරීමේ කටයුතුවලින් අද (16) සිට සියළුම සංවර්ධන නිලධාරීන් ඉවත්වෙන බව සංවර්ධන සේවා නිලධාරීන්ගේ සංගමය දැනුම් දී තිබේ.

බලශක්ති අමාත්‍යාංශය දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත යොමු කර තිබූ චක්‍රලේඛය අනුව ඉන්ධන පිරවුම්හල්වල අදාළ රථ වාහන කාණ්ඩ සඳහා හිමි ඉන්ධන ලබාදීමේ QR ක්‍රමවේදය පරීක්ෂා කිරීම හා අධීක්ෂණ කටයුතු සඳහා සංවර්ධන නිලධාරීන් යොදවා තිබුණි.

අදාළ චක්‍රලේඛය අනුව සංවර්ධන නිලධාරීන් ඉන්ධන පිරවුම්හල් වෙත අදාළ කාර්ය සඳහා යෙදවීමේ දී මතුවිය හැකි ගැටළු පිළිබඳවත්, එම ගැටළු නිරාකරණය කරගනිමින් අදාළ කාර්යේ යොදවන ලෙසත් තම සංගමය 2022.08.01 දින විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා ලිඛිතව දැනුවත් කර තිබිය දී ඒ පිළිබඳව කිසිදු අවධානයක් යොමු නොකිරීම පිළිබඳව තම කණගාටුවත් දැඩි විරෝධතාවයත් සඳහන් කරන බව එම සංගමය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

සංවර්ධන නිලධාරීන්ට වෘත්තීමය වශයෙන් ඉන්ධන පිරවුම්හල්වල වෙළඳ හා පාරිභෝගික කටයුතු වෙනුවෙන් මැදිහත්වීමේ කිසිදු වෘත්තීමය අදාළකමක් නොවුව ද ජනතාව පත්ව සිටි අපහසුතාවය මගහැරවීමට සහයෝගයක් ලබාදීමේ පදනමින් මැදිහත් වුවද මුහුණ දීමට සිදුව ඇති ගැටළු පිළිබඳ සේවාවක් ලෙස තම සංගමය විශේෂ අවධානයක් යොමු කරන ලද බවද ඔවුන් පවසයි.

ඒ අනුව අගෝස්තු (16) සිට ඉන්ධන පිරවුම්හල් මගින් ඉන්ධන නිකුත් කිරීමේ අධීක්ෂණ ක්‍රියාවලියෙන් සංවර්ධන නිලධාරීන් රට පුරාම ක්‍රියාත්මක වන පරිදි ඉවත්වන බවද එම සංගමය වැඩිදුරටත් පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now