තෙල් හිඟයක් එන්නෑ දිගටම තෙල් සපයනවා - ජනපතිට ප්‍රබලම තෙල් සපයන රටකින් පොරොන්දුවක්

Report

මැදපෙරදිග කලාපයේ පවතින වත්මන් තත්ත්වය සම්බන්ධයෙන්, ජනාධිපති අනුර කුමාර දිසානායක සහ කටාර් රාජ්‍යයේ එමීර් ශෙයික් තමිම් බින් හමාඩ් අල්-තානි අතර විශේෂ දුරකථන සංවාදයක් පවත්වා තිබේ.

එහිදී, කටාර් රාජ්‍යය මුහුණ දී සිටින අර්බුදකාරී තත්ත්වය පිළිබඳව සාකච්ඡා කර ඇති අතර, එම අවස්ථාවේ ශ්‍රී ලංකාවේ සහයෝගීතාව ජනාධිපතිවරයා විසින් එමීර්වරයා වෙත ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉන්ධන ප්‍රශ්ණේ හෙට විසදනවා - QR කේතය අමාරු නිසයි අංක තහඩුවට තෙල් දෙන්නේ - ඇමති බිමල්ගෙන් පැහැදිලි කිරීමක්

ඉන්ධන ප්‍රශ්ණේ හෙට විසදනවා - QR කේතය අමාරු නිසයි අංක තහඩුවට තෙල් දෙන්නේ - ඇමති බිමල්ගෙන් පැහැදිලි කිරීමක්

මෙයට අමතරව, කටාර්හි වෙසෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සහ පදිංචිකරුවන්ගේ ආරක්ෂාව සහ සුභසාධනය පිළිබඳව එමීර්වරයා ජනාධිපතිවරයා ජනපති වෙත සහතික වී ඇත.

එමෙන්ම, වත්මන් තත්ත්වය යටතේ වුවද ශ්‍රී ලංකාවට ස්ථාවර ලෙස ඉන්ධන සැපයීම අඛණ්ඩව පවත්වාගෙන යාමට කටාර් රාජ්‍යය කැපවී සිටින බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.

අප්‍රේල්ට තෙල් අර්බුදයක් නැහැ- නැව් 5ක ඇණවුම් ස්ථීරයි

අප්‍රේල්ට තෙල් අර්බුදයක් නැහැ- නැව් 5ක ඇණවුම් ස්ථීරයි