රුසියාවෙන් ශ්‍රී ලංකාවට සුබ ආරංචියක්..ජනපති දන්වයි.

Gotabaya Rajapaksa Sri Lanka Russian Federation
By Aruna Jul 07, 2022 01:20 AM GMT
Aruna

Aruna

Report

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සමග ඉතා ඵලදායි දුරකතන සංවාදයක නිරත වූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ.

අතීත අභියෝග ජය ගැනීම සඳහා රුසියානු රජය ලබා දුන් සහයෝගයට ස්තූති කර ඇති අතර වත්මන් ආර්ථික අභියෝග පරාජය කිරීම සඳහා ශ්‍රී ලංකාව වෙත ඉන්ධන ආනයනය කිරීමට ණය ආධාරයක් ලබා දෙන ලෙස ජනාධිපතිවරයා ඉල්ලීමක් ද කර ඇත.

එමෙන් ම, එහිදී Aeroflot ගුවන් මෙහෙයුම් නැවත ආරම්භ කරන ලෙස ද ගෝඨාභය රාජපක්ෂ මහතා රුසියානු ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

සංචාරක, වෙළෙඳ සහ සංස්කෘතිය වැනි අංශවල ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම, ජාතීන් දෙක අතර පවතින මිත්‍රත්වය ශක්තිමත් කිරීම සඳහා ප්‍රමුඛ වන බවට ඔවුන් ඒකමතිකව එකඟ වූ බව ජනාධිපතිවරයා නිකුත් කළ ට්විටර් පණිවිඩයේ වැඩිදුරට ත් දැක්වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


Gallery