රුසියන් ජනපති යුක්රේනයට..ජනපති කාර්යාලයෙන් දැනුම්දීමක්..

By Aruna Dec 04, 2022 08:01 AM GMT
Report

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුක්රේනයේ සංචාරකයකට සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව රුසියානු ජනාධිපතිවරයා, රුසියාව විසින් ඈඳා ගනු ලැබූ යුක්රේනයේ ඩොන්බාස් කලාපයට පැමිණෙනු ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

යුක්රේනයට එරෙහිව යුද ප්‍රකාශ කර ඇති පසුබිමක් තුළ රුසියානු ජනාධිපතිවරයා එලෙස යුක්රේනයට පැමිණීම විශේෂත්වයක් වනවා.

එහෙත් පුටින් යුක්රේනයට පැමිණෙන්නේ කවදාද යන්න රුසියාව මෙතෙක් අනාවරණ කර නැහැ.

ඩොන්බාස් යනු රුසියාවේම කොටසක් වන බැවින් ජනාධිපතිවරයාගේ පැමිණීම නියමිත වේලාවට සිදුවනු ඇති බවයි රුසියානු ජනාධිපති කාර්යාලයේ ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now