වෑන් රථයක් දුම්රියක ගැටී සිදු වූ බිහිසුණු අනතුර..!

Sri Lanka Police Puttalam Sri Lanka
By Sewvandhi May 21, 2022 10:51 AM GMT
Sewvandhi

Sewvandhi

Report

පුත්තලම මාර්ගයේ පෙරියමුල්ල දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (21) වෑන් රථයක් දුම්රියක ගැටීමෙන් පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා තිබේ.

වෑන් රථය සහ දුම්රිය අතර සිරවී සිටි තවත් පුද්ගලයෙකු මුදා ගැනීම සඳහා මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි දුම්රිය ගමනාගමන අධිකාරී ගාමිණී සෙනෙවිරත්න සඳහන් කළේ.

තුවාල ලැබූ සිව්දෙනා රෝහල් ගත කර ඇත. අද (21) පස්වරු 2.30 ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර, දුම්රිය හරස් මාර්ගයේ ආරක්ෂක ගේට්ටුව වසා තිබියදී මෝටර් රථය දුම්රිය මාර්ගය හරහා යාමට උත්සහ කිරීමේදී මෙම අනතුර සිදුව ඇති බව අධිකාරී සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළේය.

අනතුරුව වෑන් රථය පුත්තලම දෙසට ධාවනය වූ සේවා දුම්රියේ ගැටී තිබේ.




සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now