රුසියාවට එන්නැයි පුටීන්ගෙන් මෝදිට සුහද ඇරයුමක්

By Mithu Apr 09, 2025 04:41 PM GMT
Report

රුසියාවේ සංචාරයක් සඳහා පැමිණෙන ලෙස එරට ජනාධිපති ව්ලැද්මීර් පුටීන් විසින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාට ආරාධනා කර තිබේ.

බදු යුද්ධය උග්‍ර වේ... රටවල් අතරත් ගැටුම්

බදු යුද්ධය උග්‍ර වේ... රටවල් අතරත් ගැටුම්

දෙවන ලෝක යුද්ධයේ දී ජර්මනියට එරෙහිව ජයග්‍රහණය කිරීමේ 80වන සංවත්සරය වෙනුවෙන් රුසියාවේ පැවැත්වෙන උත්සවය සඳහා පැමිණීමට මෙම ආරාධනාව කර ඇත. එම සැමරුම මැයි මස 9වනදා පැවැත්වෙන අතර, ඒ සඳහා ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට අමතරව රුසියාවට මිත්‍ර රටවල් කිහිපයක නායකයින්ද සහභාගිවීමට නියමිතව ඇත.

සතුන්ටත් රක්ෂණයක්

සතුන්ටත් රක්ෂණයක්

අගමැති මෝදි මීට පෙර 2024 වසරේදී ද රුසියාවේ සංචාරයක නිරත විය. එම සංචාරයේදී අගමැති මෝදි රුසියානු ජනාධිපතිවරයාට ඉන්දියාවට පැමිණෙන ලෙස ආරාධනා කළ අතර, එම ආරාධනය පුටීන් විසින් පිළිගෙන තිබුණි. කෙසේ වෙතත් එම සංචාරයේ දිනයන් තවමත් ප්‍රකාශයට පත්කර නොමැත.