රටම දිනුම් - ජනපති පුටින්ගෙන් ලාංකිකයෙකුට රාජ්‍ය සම්මාන

Report

ඊයේ (04) දින රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් විසින් ගෞරවනීය රාජ්‍ය සම්මානයක් වන “මිත්‍රත්වය සඳහා වූ රුසියානු රාජ්‍ය සම්මානය” වෛද්‍ය සමන් රංජිත් වීරසිංහ මහතා වෙත පිරිනමා ඇත.

රුසියානු සිවිල් පුරවැසියෙකුට පිරිනමන ඉහළම ගෞරව නාමයන් අතරට මෙය අයත් වන අතර දශක ගණනාවක් පුරා ශ්‍රී ලංකාව සහ රුසියාව අතර දේශපාලනික, සංස්කෘතික හා ආර්ථික බැඳීම් ශක්තිමත් කිරීම සඳහා වෛද්‍ය වීරසිංහ මහතා ඉටු කළ අගනා සේවය අගයමින් මෙම සම්මානයෙන් පිරිනමා ඇත.

අම්බානිගේ බිලියන ගාණක දේපල අත්හිටුවයි

අම්බානිගේ බිලියන ගාණක දේපල අත්හිටුවයි

මෙම වසරේ (2025) මෙම සම්මානය හිමිකරගත් එකම ආසියානු ජාතිකයා වන්නේද වෛද්‍ය සමන් වීරසිංහ මහතා යි.

මොස්කව් වෛද්‍ය විද්‍යාලයේ ගෞරව උපාධිධාරියෙකු හා 2015 සිට 2018 දක්වා රුසියානු සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස සේවය කල වෛද්‍ය සමන් වීරසිංහ මහතා 2025 වසරේ මෙම සම්මානය හිමිකරගත් එකම ආසියානු ජාතිකයා ද වේ.

ඔහු දැනට ශ්‍රී ලංකා-රුසියානු මිත්‍රත්ව සංගමයේ මහලේකම් ධුරය සහ කොළඹ පිහිටි රුසියානු භූගෝලීය සංගමයේ සභාපති ධුරයද දරයි.

මෛත්‍රීපාල සිරිසේන එක්ක බැසිල් රාජපක්ෂත් මාට්ටුද?

මෛත්‍රීපාල සිරිසේන එක්ක බැසිල් රාජපක්ෂත් මාට්ටුද?

GalleryGalleryGalleryGalleryGallery