පුශ්පිකාද සිල්වාගේ කිරුළ නැවතත් චන්දිමාල් ජයසින්හ විසින් වහාම ගලවා ඉවත් කරයි..

Pushpika de silva Crown
By Sithumi Feb 08, 2022 01:30 PM GMT
Sithumi

Sithumi

Report

ශ්‍රී ලංකා විවාහක රූ රැජින වන පුෂ්පිකා ද සිල්වා දරන ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ නාමය වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ සංවිධාන කමිටුවේ අධ්‍යක්ෂවරයා වන චන්දිමාල් ජයසිංහ කටයුතු කර තිබෙනවා.

මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් ඔහු කියාසිටියේ ලෝක විවාහක රූ රැජිණ වෙනුවෙන් ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තේරීමේ තරගාවලිය පැවැත්වීමට බලය ඇති සිය සංවිධානය වෙත පැවරී ඇති නිත්‍යානුකූල බලතල අනුව අද සිට ක්‍රියාත්මක වන පරිදි පුෂ්පිකා ද සිල්වා හට ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ යන නාමය දේශීයව හෝ ජාත්‍යන්තරව මොනයම් ආකාරයකින් හෝ භාවිත කිරීම මේ හරහා වාරණය කරන බවයි.

පුෂ්පිකා ද සිල්වා ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ ලෙසට කිරුළු පැළඳූවේ 2021 වසරේ අප්‍රේල් මස 4 වැනි දිනයි. එම අවස්ථාවේදීත් කිරුළ සම්බන්ධයෙන් බරපතල අර්බුදකාරී තත්වයක් ගොඩනැගුනු අතර එම අවස්ථාවේ මතු වූ ගැටළුකාරී තත්වය හේතුවෙන් පසුව 2020 ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ සහ ලෝක විවාහක රූ රැජිණ වූ කැරොලයින් ජූරි හට එම කිරුළ අත්හැරීමට පවා සිදුවුණා.

ඉන් පසුව ඇමරිකාවේ කැලිෆෝනියා නුවර පැවති ලෝක විවාහක රූ රැජිණ තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක් වූ පුෂ්පිකා ද සිල්වා එම තරගාවලියේ අවසන් තරගකාරිනියන් 6 දෙනා අතරට පැමිණෙන්නට සමත් වුණා. එම තරගයේ ජයග්‍රහණය හිමිවූයේ ඇමරිකාව නියෝජනය කරමින් ඒ සඳහා එක් වූ ඇමරිකානු විවාහක රූ රැජිණටයි

. කෙසේවෙතත් ඉන් පසුව සිය සමාජ මාධ්‍ය ගිණුම් හරහා ප්‍රකාශයක් නිකුත් කළ පුෂ්පිකා ද සිල්වා තමන් එම තරගයෙන් සිව්වන ස්ථානය දිනාගත් බව සඳහන් කරමින් තවත් අර්බුදයකට මුල පිරුවා. ඉන් පසුව දිගින් දිගටම සමාජ මාධ්‍යය සහ විවිධ මාධ්‍ය හරහා විවිධ චෝදනා ගොනු කරමින් කියාසිටියේ ඇයගේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවෙන් ගිය ඇයගේ කණ්ඩායමේ කිහිප දෙනෙකු එක්ව කුමන්ත්‍රණකාරී ලෙස වළකාලූ බවයි.

යූටියුබ් නාලිකාවක් සමග පැවති සාකච්ඡාවකදී පුෂ්පිකා ද සිල්වා මෙරට පළමු ලෝක විවාහක රූ රැජිණ වන රෝසි සේනානායකට චෝදනා කළ අතර පසුව රෝසි සේනානායක එම චෝදනාවන්ට එරෙහිව රුපියල් මිලියන 500ක වන්දි ඉල්ලා නඩුකරයක් ද ගොනු කළා.

දිගින් දිගටම විවිධ පාර්ශවයන්ට චෝදනා එල්ල කරමින් ඇවිලුණු මෙම අර්බුදය අවසානයේ ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තරගාවලිය සංවිධානය කරන චන්දිමාල් ජයසිංහ ද යූටියුබ් නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමින් කියාසිටියේ තමන්ට සහ සංවිධායක මඩුල්ලට එල්ල කරන පදනම් විරහිත චෝදනා සම්බන්ධයෙන් මිලියන 200ක අලාභයක් ඉල්ලා එන්තරවාසියක් පුෂ්පිකා ද සිල්වාට යොමු කරන බවයි.

ඒ අතරවාරයේයි අද දින නිවේදනයක් නිකුත් කරමින් ඇයගේ ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ කිරුළ නිල වශයෙන් ඉවත් කිරීමට කටයුතු කළේ

ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ සංවිධාන කමිටුවේ අධ්‍යක්ෂවරයා නිකුත් කළ නිවේදනය පහතින්…

_________________________________________________________

ජනප්‍රිය නිළි නයෝමි තක්ෂිලා මිනී පෙට්ටියෙන් නැගිට සිදු කළ දේ සමාජ මාධ්‍ය කළඹයි වීඩියෝව  මෙන්න..


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


Gallery