පුෂ්පිකාගේ ගැළවුණු කිරුළ බුකියම අවුලවයි!! යුරේනි නොෂිකා තැබූ අමුතුම සටහන මෙන්න.(PHOTOS)

Gossips Chandimal jayasinghe Pushpika de Silva World married queen Ureni
By Aruna Feb 08, 2022 11:45 PM GMT
Aruna

Aruna

Report

නම කියු සැනින් මිනිසුන් ඔබව හදුනනවනම් ඔබ ගොඩාක් වාසනාවන්ත විය යුතුයි. ...

ශ්‍රී ලංකා විවාහක රූ රැජින වන පුෂ්පිකා ද සිල්වා දරන ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ නාමය වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ සංවිධාන කමිටුවේ අධ්‍යක්ෂවරයා වන චන්දිමාල් ජයසිංහ කටයුතු කර තිබුණා.

මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් ඔහු කියාසිටියේ ලෝක විවාහක රූ රැජිණ වෙනුවෙන් ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තේරීමේ තරගාවලිය පැවැත්වීමට බලය ඇති සිය සංවිධානය වෙත පැවරී ඇති නිත්‍යානුකූල බලතල අනුව මේ වාරණය කරන බවයි.

පුෂ්පිකා ද සිල්වා ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ ලෙසට කිරුළු පැළඳූවේ 2021 වසරේ අප්‍රේල් මස 4 වැනි දිනයි.

එම අවස්ථාවේදීත් කිරුළ සම්බන්ධයෙන් බරපතල අර්බුදකාරී තත්වයක් ගොඩනැගුනු අතර එම අවස්ථාවේ මතු වූ ගැටළුකාරී තත්වය හේතුවෙන් පසුව 2020 ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ සහ ලෝක විවාහක රූ රැජිණ වූ කැරොලයින් ජූරි හට එම කිරුළ අත්හැරීමට පවා සිදුවුණා.

මේ අතර, පුෂ්පිකාට මෙම කිරුළ අහිමි කිරීම ගැන, යුරේනි නොෂිකා ඇගේ මුහුණූ පොතට සටහනක් එක් කොට තිබුණා.

එය පහතින්....

මම කිසිම කෙනෙක්ට වරදක් පටවනවා නෙවෙයි.නමුත් මේ දේ කිව යුතුයි කියලා හැගුනා. මුලු මිලියන 21 ක ජනතාව අතරින් ඔබට මිනිසුන්ගේ ආකර්ශනය ,අවධානය ලබන්න , නම කියු සැනින් මිනිසුන් ඔබව හදුනනවනම් ඔබ ගොඩාක් වාසනාවන්ත විය යුතුයි.

එ පිලිගැනීම නිසාවෙන් මේ රට,තමන්ගේ ජාතිය නියෝජනය කර ජාත්‍යන්තරයට යන්න ලැබෙනවා කියන්නේත් , තම මව් රට වෙනුවෙන් ජාත්‍යන්තරයට යවන්න සුදුසු කෙනෙක් පත් කරන්න ඔබට අවස්ථාව තිබෙනවා කියන්නේත් ඔයාලා සියලු දෙනා ඉතාමත් වාසනාවන්ත පිංවන්ත විය යුතුයි.

එසේ දෙවියන් විසින් හෝ සොබාදහම විසින් දීලා තියෙන ආශීර්වාද වගකීමෙන් සහ තමන්ගේ මව්රටට උපරිම කීර්තියක් ගෙන දෙන ලෙස පාවිච්චි කරන එක අපි සියලු දෙනාගේ වගකීමයි.

තමන්ගේ පුද්ගලික ක්‍රියාවන් ,හැසිරීම් ජාත්‍යන්තරයක් ඉදිරියේ පිලිබිඹු වන්නේ සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේ ක්‍රියාවක් ලෙසයි. එක නිසා අපි සියලු දෙනා මීට වඩා වගකීමෙන් කටයුතු කරමු.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now



GalleryGalleryGalleryGalleryGallery