මටත් ආසයි දේශපලනයට ඇවිත් මිනිස්සුනට සේවය කරන්න, බුකිය උණුසුම් කරමින් පුශ්පිකා ද සිල්වා යළිත් කරලියට (PHOTOS)

Gossip Today Chandimal Jayasinghe
By Sithumi May 12, 2022 06:15 PM GMT
Sithumi

Sithumi

Report

අපේ රටේ කවුරුත් දන්න කියන ජනප්‍රිය වගේම සුරූපී සුන්දර විවාහක ලක් රූ රැජිනක් තමයි පුෂ්පිකා ද සිල්වා කියලා කියන්නේ. ඉතින් ඒ වගේම පුංචි පුතෙකුගේ ආදරණීය මවක් වන ඇය සුන්දර සිරුරකට හිමිකම් කියන බවනක් කාටත් නොරහසක්. ඉතින් ඒ වගේම ඇය ගැන අපේ රටේ මෙන්ම ජාත්‍යන්තරයේද පහුගිය දිනවල බොහෝ සෙයින් කතා බහටත් ලක්වුණා. කොහොම නමුත් ඇය විවාහ වෙලා සිටි කෝටිපති සැමියාගෙන් වෙන්වෙලා දැන් ආදරණීය පුතනුවන් එක්ක තනියම තමයි ජීවත් වෙන්නේ.

කොහොම හරි පුෂ්පිකා දේශ පාලනය වෙනුවෙන් ගොඩක් වැඩ කරලා තියන කෙනෙක්. ජනාධිපති ගොටභය බලයට ගෙන්න ගොඩක් වැඩ කරපු කෙනෙක් තමයි. ඉතින් මේ වන විට රටේ පවතින තත්වය හමුවේ ඇය ගැනත් බොහෝ දෙනීකුගේ කතා බහට ලක් වුනා. ඉතින් ඒ ගැන පුෂ්පිකා මේ විදිහට අදහස් පල කර තිබුනා.

මෙච්චර කාලයක් නිශ්ශබ්දව හිටිය මම අදහසක් දක්වන්න ඕන කියල හිතුවා. ලංකාව නියෝජනය කරමින් සිව් වතාවක් ජාත්‍යන්තරයට ගිය කෙනෙක් මම. එදා අපේ රට තිබුණු තත්වයත් එක්ක මේ ආණ්ඩුව බලයට ගෙනාවා හැර වෙන කරන්න දෙයක් තිබුනේ නැහැ. එකම විකල්පය වුනේ වත්මන් ආණ්ඩුව බලයට පත් කිරීම පමණයි. මේ අයව බලයට ගෙන්න මමත් සහය දුන්න කෙනෙක්.

ඒ කියන්නේ හැට නව ලක්ෂෙන් එක්කෙනෙක්. රටේ ප්‍රශ්න විසඳලා දියුණු වෙනවා දකින්න මමත් ආසාවෙන් හිටියේ. අද මිනිස්සුන්ගේ හැම බලාපොරොත්තුවක්ම නැති වෙලා ගිහිල්ලා. මේ වගේ අවස්තාවක මමත් මිනිස්සු එක්ක එකතු වෙන්නම ඕන. ඕනම දෙකට හරි නම් හරි කියන්නත් වැරදි දේට වැරදි කියන්නත් මට කොන්දක් තියනවා. මම හැමදාම මිනිස්සු වෙනුවෙන් පෙනී හිටිය කෙනෙක්. පුලුවන් විදියට මගේ රටේ මිනිස්සුන්ට සේවය කළා, ශ්‍රී ලාංකික මිනිස්සු වෙනුවෙන් මා සිටගත්තා.

අපි ඉවසීමෙන් බුද්ධිමත්ව කටයුතු කල යුතු වෙලාවක් මේක. දේශපලනයයට ඇවිල්ලා අපේ අහිංසක මිනිස්සු වෙනුවෙන් සේවය කරන්න මටත් ආසාවක් තිබුනා. මාත් එක්ක ඉන්න ජනතාවම කිව්වා චන්දෙ ඉල්ලන්න කියලා.

හැබැයි අද රටේ තියන තත්වයත් එක්ක දේශ පාලනය එපාවෙන තත්වවෙට ඇවිල්ලා තියෙන්නේ. අද මම කතා කරන්නේ කිසිම දේශපාලන අරමුණකින් නෙවෙයි. මට අමුතුවෙන් වරප්‍රසාද ඕන නැහැ, මට දැනටමත් ඔය කියන හැම වරප්‍රසදයක්ම තියනවා. ඒවා ගන්න මට චන්දෙ ඉල්ලලා දිනන්න ඕන නැහැ.  

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha