ශ්‍රී ලංකා බංග්ලාදේශ තරඟය අතරතුර සිදු වූ ගැටුම නිසා ක්‍රීඩකයන්ට ලැබුනු දඬුවම (VIDEO)

SRI LANKA WORLD CUP LAHIRU KUMARA LINTON DAAS BANGLADESH
By Sewvandhi Oct 25, 2021 10:22 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පැවැත්වෙන, ලෝක කුසලාන තරගාවලියේ, සුපිරි 12 දෙනාගේ තරග වටයේ ප්‍රථම තරගය අතුරතුර උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

ඒ, පළමුව පන්දුවට පහර දෙන බංගලාදේශ කණ්ඩායමේ ලිටන් දාස් , ළහිරු කුමාරගේ පන්දුවක් හමුවේ දැවී යාමත් සමඟයි. එම දැවී යාමත් සමඟ ලිටන් දාස් හා ළහිරු කුමාර අතර වචන හුවමාරුවක් සිදු වුණා.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැති විස්සයි-20 ලෝක කුසලාන තරගයේදී වචන හුවමාරුවකට මැදිවූ ශ්‍රී ලංකාවේ වේග පන්දු යවන ක්‍රීඩක ළහිරු කුමාරට සහ බංග්ලාදේශ පිතිකරු ලිටන් දාස්ට දඩ නියම කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාව තීරණය කර තිබෙනවා.

ඔවුන්ගේ තරග මුදලින් 25 % ක් සහ 15 % ක් වශයෙන් දඩ අය කිරීමට නියමිතයි.

එම දර්ශන පහතින්... 

GalleryGallery